මේජර් ජෙනරල් ගෙන් මාධ්‍යවේදියාට මරණ තර්ජන…………..

majorදිවයින පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ජනිත සෙනවිරත්න මහතාට, ස්වෙච්ඡා බලසේනාවේ ආඥාපති හා සිංහ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා දුරකථන ඇමතුමක් ලබාදී මරණීය තර්ජන සිදුකර ඇති බව ඔහු පොලීසියට පැමිණිළි කොට ඇත.

සෙනවිරත්න මහතා කොටහේන පොලිසියට පවසා ඇත්තේ පසුගිය 29 වැනි ඉරිදා දිවයින පුවත්පතේ පලවූ ඕපදූප කොළමයක මේජර් ජනරාල්වරයාට අපහාසවන ආකාරයේ පුවතක් පල කළ බව පවසා මෙම මරණ තර්ජන එල්ල කළ බවයි.

සෙනවිරත්න මහතා යන එන තැන්ද තමා දන්නා බව පවසමින් පවුල් පිටින් නැතිකර දමන බව කියමින් මේජර් ජනරාල්වරයා අදාළ තර්ජනය කළ බව කියන බොනිෆස් පෙරේරා පෙරේරා මහතා මීළඟ හමුදාපති ධූරය ද අපේක්ෂාවෙන් සිටින්නෙකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.