මේ පාර ආසියානු රූ රැජින අපේ කෙල්ලක්


 කිරුළ අපේ රටට හිමිවේ යෑයි විශ්වාස කරනවා
ආසියානු රූප සුන්දරී තරගයේ ජාතික අධ්‍යක්‌ෂිකා රාධිකා ගුණවර්ධන

අපේ රටේ රූප සුන්දරියන් පිළිබඳ කතා කරද්දී රාධිකා ගුණවර්ධන ඒ පිරිස අතරේ කැපී පෙනෙන චරිතයකි. ජාතික හා ජාත්‍යන්තර රූපසුන්දරී තරග 14 කින් ජයගෙන රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන ඇයට අලුතින්ම ලැබුණ තනතුර වූයේ ආසියානු රූපසුන්දරී තරගයේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්‍ෂිකා තනතුරයි. මේ තරගය හා එහි සංවිධාන කටයුතු ගැන අප ඇයගෙන් විමසුවෙමු.

ප්‍රශ්නය – ආසියානු රූපසුන්දරී තරග පිළිබඳව ඔබට අවබෝධයක්‌ තියෙනවා මෙවර තරගය සංවිධානය වෙන්නෙ කොහොමද?

පිළිතුර – මෙවර තරගයට ආසියානු රටවල් බොහෝමයක තරුණියන් ඉදිරිපත් වේවි කියල අපි විශ්වාස කරනවා. ලංකාවෙන් රූපසුන්දරියන් තෝරාගෙන එම තරගයට ඉදිරිපත් කිරීමේ වගකීම මට පැවරිලා තියෙනවා. මේක ලොකු වගකීමක්‌. තරගය පැවැත්වෙන්නෙ 2015 සැප්තැම්බර් 13 දා සිට 19 දින දක්‌වා තායිලන්තයේ පට්‌ටයා (Pattaya Thailand) නගරයේදී. ජාත්‍යන්තර රූපසුන්දරී තරග විනිශ්චය කළ පළපුරුදු විනිසුරු මඩුල්ලක්‌ මෙවර තරගයත් විනිශ්චය කරන්න නියමිතව තිබෙනවා.

 

ස්ටේෆ්නි සිරිවර්ධන

ප්‍රශ්නය – මේ තරගයට අපේ රටේ රූපසුන්දරියන් ඉදිරිපත් කිරීමේ කටයුතු කොහොමද සිදුවන්නෙ?

පිළිතුරු – අපේ රටේ තරුණියන්ට මේ තරගයට ඉදිරිපත් වෙන්න කියල අපි මාධ්‍ය මගින් ප්‍රසිද්ධ ඇරයුමක්‌ කළා. ඒ අනුව මේ වන විටත් තරුණියන් විශාල පිරිසක්‌ තරගයට ඉදිරිපත් වෙන්න කැමැත්ත දීල තියෙනවා. මේ අයගේ මූලික තරගය අපේ රටේ පිළිගත් රූපසුන්දරි තරග විනිසුරු මඩුල්ලකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත් වුණා. ඒ අය අතරින් සුදුසුකම් ලැබූ තරුණියන් පිළිබඳව ලේඛන දැන් සකස්‌ කරගෙන යනවා. අපේ මූලික තරග පැවැත් වුණේ ගලධාරී හෝටලයේදී. අවසන් තරගය ලබන අගෝස්‌තු 9 දා පැවැත්වීමට කටයුතු කරගෙන යනවා. ඒ අවසන් තරගය විනිශ්චය සඳහා ආසියානු රූ රැජින තරග සංවිධානයේ අධ්‍යක්‍ෂවරයකුත් ලංකාවට එන්නට නියමිතව තිබෙනවා.

ප්‍රශ්නය – ආසියානු රූ රැජින තේරීමේ තරගයේ ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්‍ෂ ධුරය ඔබට හිමිවීම ගැන මොකද හිතෙන්නෙ?

පිළිතුර – ඇත්තටම හරිම සතුටුයි. මොකද මේ වාගේ විශාල වගකීමක්‌ රට වෙනුවෙන් ඉටුකරන්න ලැබීම ගැන මම ඒ වගකීම හරියටම ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ තරුණියන් තරගයට ඉදිරිපත් කරන කොට අපේ සංස්‌කෘතිය, සභ්‍යත්වය, මේ ආදී කරුණු ගැනත් අවධානය යොමු කරන්න ඕනේ.

 

මාරියා අල්ක්න්සාස්

ප්‍රශ්නය – ඔබ විශ්වාස කරනවාද මෙවර ආසියානු රූ රැජින කිරුළ අපේ රටට හිමිකර ගන්න පුළුවන් කියලා?

පිළිතුර – ඒ ගැන මට ලොකු විශ්වාසයක්‌ තියෙනවා. මොකද අපේ රටේ තරුණියන්ගේ සමවිදේශ රටවල තරුණියන්ගේ සමට වඩා ආකර්ෂණීයයි. මේ වාසිය නිසා අපේ තරුණියන් “සුදු” ජාතික තරුණියන් අතරේ කැපී පෙනෙනවා. මමත් ජාත්‍යන්තර තරග රැසක්‌ නියෝජනය කරලා තියෙන නිසා ඒ අත්දැකීම මට තියෙනවා. අපි පළමු පරීක්‍ෂණයෙන් තෝරා ගන්නා තරුණියන්ට තමන්ගේ රූපය වඩා ආකර්ෂණීය ලෙස පවත්වා ගන්න පුළුවන් උපදෙස්‌ ලබා දෙනවා. විශේෂයෙන් ආහාර, ව්‍යායාම වගේ ඇඟ ගල්වන ආලේප ආදිය පිළිබඳ ඔවුන් දැනුවත් කරනවා. ආසියානු තරගයට ඉදිරිපත් කරන්න තෝරා ගන්නා තරුණියන් ඒ සඳහා අඛණ්‌ඩව පුහුණු කරනවා.

ප්‍රශ්නය – මේ විශාල වගකීම දරන්න ඔබට අතහිත දෙන්නෙ කවුද?

පිළිතුර – මට මේ වගකීම දරන්න ඒ සඳහා කැපවෙන්න මට උදව් වෙන්නෙ උපදෙස්‌ දෙන්නෙ මගේ සැමියායි. එයා හැමවෙලාවේම සෙවනැල්ලක්‌ වාගේ මා සමඟ ඉන්නවා. ඒවාගේම හරින්දි අක්‌කා විශේෂයෙන් මතක්‌ කරන්න ඕනේ. අර්ජුන සේනානායක හා නිලූ සේනානායක දෙපළත් මට විශේෂයෙන් උදව් කරනවා. තවත් බොහෝ දෙනෙක්‌ මට උදව් කරනවා. ඒ සැම දෙනාටම මගේ ගෞරවය හිමිවෙනවා.


ගමායා විජේදාස
අපේ රටට විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් කීර්තිය ප්‍රශංසාව හිමිව තිබෙනවා. රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේදී අපේ රට ලෝකයට හඳුන්වා දෙන්නට මෙහෙයක්‌ ඉටුකරන එක්‌ ක්‍ෂේත්‍රයකි. ඉදින් ‘දිවයින’ අපි ද මේ රූ රැජින තරගයේ ආසියානු කිරුළ හිමිකර ගන්නට අපේ සහෝදරියන්ට ශක්‌තිය ධෛර්ය වාසනාව උදාවේවායි කියල ප්‍රාර්ථනා කරනවා.

සාකච්ඡා කළේ –
ජයසූරිය උඩුකුඹුර

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.