මෛත්‍රිය හා නීතියේ ආධිපත්‍යය කියන්නේ දෙකක්-හිරුණිකා ගෙන් මෛත්‍රිට

hirun

මේ වන විට දේශපාලනික කතිකාවට නව මානයක් ඉදිරිපත් කොට ඇති හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඉත නිර්භයව එක වක්‍යකින්  ජනාධිපතිවරයාට කිව යුත්ත කියා ඇත.

මෛත්‍රිය සහ නීතියේ ආධිපතයි එකට පටලවා නොගන්නා ලෙස තමන් ජනාධිපති ප්‍රමුඛ වත්මන් ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බව බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කොළොන්නාව භාරත ලක්‍ෂමන් පිළිරුව අභියසදී කියා සිටියාය.

කුඩු මුදලාලිලා, ළමා අපචාරකයන්, ස්‌ත්‍රී දූෂකයන්, වංචනිකයන් නීතිය හමුවට ගෙන ඒම සැබෑ යහපාලනය බවත් තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්‌තිය ඉටු වන තුරු රටේ ජනතාව බලා සිටින බවත් ඇය සඳහන් කළාය.

පුරා අවුරුදු 3 ක්‌ තිස්‌සේ  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නඩුව දිග හැරෙන අතර  සැකකාර දුන්ද සිල්වා තමන් ජනතාවාදී අහිංසකයෙක් බව කියා සිටී. හිරුණිකා වෙනත් වචන වලින් නව ජනාධිපතිවරයාට කියා ඇත්තේ ‘මට මේ  විකාර වලින් මහන්සි’ යනුවෙනි.මෙසේ කියන තවත් බොහෝ දෙනෙක් සිටින බව නව ජනාධිපතිවරයා දැනගත යුතුය

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.