මෛත්‍රි අවට කැරැල්ලක රැලි

 

wije

 

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජීව් විජේසිංහ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිනිය ලෙස කටයුතු කළ ක්ෂණිකා හිරිබුරේගම මහත්මියට ඉල්ලා අස්වන ලෙසට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය කබීර් හෂීම් මහතා කළ අනවශ්‍ය බලපෑම් පිළිබඳව අමාත්‍යවරයා පසුගිය දිනවල අප්‍රසාදය පල කළේය.

මීට‍ පෙර ෆයිසර් මුස්තාෆා ඉල්ලා අස්වූ අතර රුවන් විජේවර්ධන බරපතල කප්පදුවකට ලක් වී සිටී.

ෆයිසර් මුස්තාෆා ඉල්ලා අස්වීමට බලපෑ හේතුව ඔහුගෙන් එයාර් ලංකා ගුවන් සේවාව ඉවත් කිරීම බව වාර්තාවේ.

 

imRANIL

මේ තත්වයට බලපාන හේතු සංකීර්ණය.

එක්  අතකින් අළුත් ආණ්ඩුව යටතේ මිනිසුන්ට පෙරට වඩා නිදහසක් තිබේ. ප්‍රේමදසහෝ,මහින්ද රාජපක්ෂ ආණ්ඩු යටතේ මේ ආකාරයෙන් ඉල්ලා අස්වීමට කව්රුන් හෝ ඉදිරිපත් වන්නේද යන්න ප්‍රශ්නයකි.

අනෙක් අතට මේ ආණ්ඩුවේ ආයු කාලය කෙටිය.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එන බව පැහැදිලිය.මේ තත්වය හමුවේ ඉල්ලා අස්වීම ගැන වැඩි දුර හිතන්ට අවශ්‍ය නොවේ.

සිව් දිගින් එන කැරළි

මේ තුල නව ජනාධිපතිවරයාට පැහැදිලි අනතුරු ඇඟවීමක් ඇත.ඔහුට විධායක ජනධිපතිකමෙන් ලබෙන දේශපාලන හයිය ලබා ගත නොහැක.මන්ද යත් ඔහු එයදැඩිව විවේචනය කල හෙයිනි.අනෙක් අතට ඔහුට සැබෑ ජන පදනමක්ද නැත.මේ තත්වය යටතේ විධායක ජනාධිපතිකමෙන් බලතල ලැබුනත් ඒවා රිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ දේශපාලන අවකාශය නැති බව මෛත්‍රිපාල සිරිසේන මහතා  තේරුම් ගත යුතුය.එසේ නොකළහොත් ඔහුට සිව් දිගින් එන කැරළි වලට මුහුණ දීමට සිදුවනු ඇත.කඳවුර ඇතුලතින් එන කැරලිවලට මුහුණදීම අසීරැය.මන්දයත් ශ්‍රීලනිපයේ පැරණි බලකඳවුරට හෝ රාජපක්ෂ හිතවාදීන්ට ඔහුව රැකගැනීමෙන් ප්‍රයෝජනයක් නැත.එක්සත් ජාතික පක්ෂයට ඔහුගේ උපයෝගිතාව අවසන්ය.දැන් රාජ්‍ය බල වාහනයේ ඩ්‍රයිවර් රනිල්ය.ඩ්‍රයිවර් සමග කථා කොට ගමන ය හැකි විට කොන්දොස්තර  සමග ගැන ගැන කථා කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී.කොන්දොස්තර කරන්නේ බස් එකට සෙනග පටවා ගැනීමයි.මෛත්‍රි දැන් ඒ ටික කර හමාරය.වැඩිම වුනොත් සෙනග ටිකක් එහට මෙහාට තල්ලු කල හැකිය.එහෙත් එක ඕනෑවට වඩා කළහොත් සෙනගට මල පනිනු ඇත.මහින්දට නම් අඩු ගණනේ විමල් හෝ වාසු වත් ඉතිරි විය.මෛත්‍රි වෙනුවෙන් ඉතිරි වන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.