මෛත්‍රි ගේ ජයග්‍රහනයෙන් යාචකයාට ලක්ෂපති වරම්

 

 

 

SAM_4277

 

ඩබ්ලිව්.අප්පුහාමි මහතා යන්තමින් දිවි රැක ගත්තේ මාතර ජනතාවට අත පෑමෙනි  එහෙමත් නැතිනම් සාස්තර කීමෙනි.

මේ ලැබුණ මුදලින් යාන්තමින් දිවි ගෙවා ගත් ඩබ්ලිව්.අප්පුහාමි මහතාට තද  දේශපාලන උණක් තිබින.

නිතර සේස්සන් හා දේශපාලන කතාබහට පැටලුනු ඔහු ගේ ගණන් බැලිල්ල අනුව ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා දිනිය යුතු  විය.

දේශපාලන කතා බභේ  යෙදෙන අතරතුර ඔහු බරපතල ඔට්ටු  කීපයක  පැටළුනේය.

මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නා  බව   දැඩිව විශ්වාස කළ මාතර පලතුරු කඩයක වැඩ කල  ජී.එච්.දිනේෂ්ද මහතාත්  මාතර දොඩම්පොළේ ව්‍යාපාරිකයකු වූ කේ.ඒ.සමන් මහතාත්ද අප්පුහාමි මහතා කල් වාද විවාද හමාර වුනේ ඡන්ද ඔට්ටුවලිනි.

තීරණාත්මක දිනයක්

අට වෙනිදා මාතර ජනතාව ඡන්ද පොළට යද්දී මේ දවස් තමන්ට තීරණාත්මක දිනයක් වෙන  බව අප්ප්පුහාමි මහතා  දැන  සිටියේය.

පහුවදා අළුයම වන විට පදික වේදිකාවේ හිඟමන් යදිමින් සිටි අප්ප්පුහාමි මහතා ලක්ෂපතියෙක් වුයේ සිරිසේන මහතා ජයගත් බව දැනගැනීමත් සමගයි.

ඔට්ටු ඇල්ලු පිරිස් මුදල්  අප්පුහාමි මහතාට ලබා දුන්හ.

රාජකීය සාස්තරකරුවන් තොග  පිටින් වැඩ වරද්දා ගනිද්දී අප්ප්පුහාමි මහතා ගේ අනාවැකිය හරි ගියේ ඔහුගේ සාස්තර හැකියාව නිසාද එසේත් නැතිනම් වීදියෙන් අහුලා ගත් දේශපාලන දැනුම නිසාද නැත්නම් වාසනාව නිසාද යන්න උත්තර දීමට අමාරු ප්‍රශ්නයකි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.