මෛත්‍රි පොලොන්නරුව වෙනුවට කැප්පෙටිපොල මාවත තෝරා ගනී

MS1d

හිටපු ජන මාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා භාවිතා කල  කොළොඹ  කැප්පෙටිපොල මාවත නිළ නිවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පිලිසකරවෙමින් පවතී.

ඩී. බී විජේතුංග මහතා ජනාධිපති තනතුරේ සිටියදී මෙම නිවස භාවිතා කොට ඇත. දැනට මෛත්‍රිපාල සිරිසේන මහතා වෙසෙන කොළොඹ විජේරාම නිවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට නියමිතය.

මහා මන්දිර තමන් වැනි සාමාන්‍ය පංතියේ මිනිසුන්ට නොගැලපෙන බව කියා සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා  ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ පදිංචි නොවන බවත් ඒ වෙනුවට පොලොන්නරුවේ  සිට රට පාලනය කරන  බව මැතිවරණ සමයේදී  කියා සිටියේය.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.