මෛත්‍රි වකුගඩු මාරයෙක් තහනම් කරයි

 

Glyphosate-3D-vdWග්ලයිපොසේට් නම් වල් නාශකය අද (22) සිට ආනයනය හා වෙළඳාම මුළුමනින් තහනම් කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති බණ්ඩාරනායක සමරු හලේ රැස්වීමකදී ප්‍රකාශ කළේය.

පළල් පත්‍ර හා තණකොළ මැරීම සඳහා බහුල වශයෙන් යොදාගන්නා මෙම වල් නාශකය ශ්‍රී ලංකාවේ යොදාගැනීමෙන් වකුගඩු රෝගය පැතිරෙන බව විශේෂඥ වාර්තා කිහිපයකින් පෙන්වා දී ඇත.

‘දැනට ගෙන්වා ඇති ග්ලයිපොසේට් විකුණා ගැනීමට ඉඩ දෙන්නැයි ඇතැම් ව්‍යාපාරිකයන් ඉල්ලා සිටියා. නමුත් තව එක පුද්ගලයකුවත් වකුගඩු රෝගයට ගොදුරුවීමට ඉඩදිය නොහැකියි. ඒ නිසා එම වල් නාශකය ආනයනය තහනම් කරනවා‘

ග්ලයිපොසේට්‌ පිළිබඳව ජගත් මට්‌ටමෙන් අවධානයපසුගිය සතියේ දී මෙරට ජනමාධ්‍යවල අවධානයට ලක්‌ වූ එක්‌ පුවතක්‌ වූයේ යක්‌ මෙරටට ආනයනය කිරීමයි. ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වූ බව වාර්ග්ලයිපොසේට්‌ අඩංගු බහාලුම් හෙවත් කන්ටේනර් පහළොවක්‌ පමණ ප්‍රමාණතා වූ මේ මේ බහාලුම් තුළ ඇතුළත් වූ ග්ලයිපොසේට්‌ ප්‍රමාණය ලීටර් 236,000ක්‌ පමණ බව ද පැවසිණි. කෙසේ වෙතත් නීතිමය අවහිරතාවක්‌ නොමැති බැවින් අදාළ කන්ටේනර් රේගුවෙන් නිදහස්‌ කරන ලද බව ද වාර්තා විය.ග්ලයිපොසේට්‌ පිළිබඳව පසුගිය කාලයේ දී මෙරට තුළ තරමක ආන්දෝලනයක්‌ ඇති වූයේ රජරට ප්‍රදේශයේ දිස්‌ත්‍රික්‌ක කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගය සඳහා මේ රසායන ද්‍රව්‍යය හේතු විය හැකි බව ඇතැම් පර්යේෂණ මගින් හෙළි කිරීම සමඟ ය. කෙසේ වෙතත් මේ අදහස රටේ සැලකිය යුතු ආන්දෝලනයක්‌ ඇති කිරීමට සමත් වූ අතර, විද්‍යාඥයන් අතර ඒ පිළිබඳව මතභේද පැවැති ආකාරය දැකිය හැකි විය. මේ පිළිබඳව බොහෝ වාද විවාද ද ඇති විය.

මේ තත්ත්වය හමුවේ මෙරටට ග්ලයිපොසේට්‌ ගෙන්වීම තහනම් කිරීමට පසුගිය වර්ෂයේ මුල දී එවකට පැවැති රජය තීරණය කළ ද වල් පැළෑටි නාශකයක්‌ ලෙස වැවිලි කර්මාන්තයේ අවශ්‍යතාව කෘෂිකාර්මික අංශ විසින් පෙන්වා දීම නිසා ඒ තහනම ඉවත් කරගන්නා ලදි.

කෙසේ වෙතත් අවසානයේ දී අපේ රටේ දිස්‌ත්‍රික්‌ක කිහිපයක හා ප්‍රාදේශීය ලේකම් කෙට්‌ඨාස කිහිපයක ග්ලයිපොසේට්‌ හා තවත් රසායනික ද්‍රව්‍ය හතරක්‌ භාවිතය, අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කිරීම හා අලෙවි කිරීම තහනම් කර තිබේ. පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ බලතල අනුව 2014 දෙසැම්බර් මස 22 වැනි දින නිකුත් කරන ලද අංක 1894/4 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් මේ තහනම පනවා ඇත. ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල හා කුරුණෑගල යන දිස්‌ත්‍රික්‌ක තුළ ද, මහියංගනය, රිදීමාලියද්ද හා කන්දකැටිය යන බදුල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස තුළ ද මේ තහනම ක්‍රියාත්මක වේ. මෙහි දී තහනම් කරන ලද අනෙක්‌ සක්‍රිය රසායනික ද්‍රව්‍ය වන්නේ ප්‍රොපනිල් (Propanil), කාබරිල් (Carbaryl), ක්‌ලෝµයිරිපොස්‌ (Cholopyrifos), කාබොµsයුරාන් (Carbofuran) යන රසායනික ද්‍රව්‍ය ය.

අදාළ දිස්‌ත්‍රික්‌ක හැර රටේ සෙසු ප්‍රදේශවල මේ තහනම ක්‍රියාත්මක නො වේ. එමෙන් ම මේ රසායන ද්‍රව්‍ය තහනම ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලීම සඳහා පියවරක්‌ ගත් බවක්‌ ද වාර්තා නො වේ.

ජගත් මට්‌ටමේ දී ග්ලයිපොසේට්‌

අපේ රටේ බොහෝ දෙනා සිතා සිටි පරිදි ග්ලයිපොසේට්‌ නිසා ඇති විය හැකි ගැටලු සම්බන්ධව අවධානය යොමු ව තිබුණේ අපේ රටේ පමණක්‌ නො වේ. රටවල් ගණනාවක ම මේ රසායන ද්‍රව්‍ය සම්බන්ධව කලක පටන් සැලකිය යුතු අවධානයක්‌ යොමු ව තිබිණි.

ලෝකයේ වැඩි ම ප්‍රමාණයකින් නිෂ්පාදනය කරනු ලබන වල්පැළෑටි නාශකය වන්නේ මේ ග්ලයිපොසේට්‌ ය. එය කෘෂිකාර්මික, වනවිද්‍යාත්මක, නාගරික මෙන්ම ගෘහාශ්‍රිත පරිහරණය සඳහා යොදගන්නා නිෂ්පාදන 750කට අධික ප්‍රමාණයක්‌ සඳහා භාවිත වන බව සඳහන් වේ. 1970 දශකයේ දී පමණ වෙළෙඳපොළට පැමිණි මේ රසායන ද්‍රව්‍යය ඕගනෝපොස්‌පේට කාණ්‌ඩයට අයත් රසායන ද්‍රව්‍යයකි. ඇතැම් දියුණු රටවල මේ රසායන ද්‍රව්‍යය භාවිත කිරීම ඉහළ ගොස්‌ ඇත්තේ ඊට ඔරොත්තු දෙන ග්ලයිපොසේට්‌ ප්‍රතිරෝධී ශාක ප්‍රභේද ජාන විකරණය මගින් නිපදවා ඇති නිසා ය. එය කෘෂි නිෂ්පාදනවල දී වැඩි අස්‌වැන්නක්‌ ලබාගැනීම සඳහා ප්‍රයෝජනවත් වේ.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා සම්බන්ධ පර්යේෂණායතනය මගින් පසුගිය මාර්තු මාසයේ දී සිදු කරන ලද එළිදරව් කිරීමක්‌ නිසා ග්ලයිපොසේට්‌ අරභයා ඇති මේ කැමැත්ත පිළිබඳව යළි සිතා බැලීමට සිදු වී ඇති බව පෙනේ.

ග්ලයිපොසේට්‌ පිළිකාකාරකයක්‌ විය හැකි ය

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ පිළිකා සම්බන්ධ විශේෂිත ආයතනය වන, ප්‍රංශයේ පිහිටා ඇති පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ඒජන්සිය (International Agency for Research on Cancer – ICAR) ග්ලයිපොසේට්‌ සම්බන්ධව ප්‍රකාශ කළේ එය පිළිකාකාරකයක්‌ විය හැකි බව ය. එA තීරණය ගන්නා ලද්දේ මේ පිළිබඳ විශේෂඥයන් 17ක ගෙන් යුක්‌ත කණ්‌ඩායමක්‌ විසින් ඕගනෝපොස්‌පේට පළිබෝධනාශක පහක්‌ සම්බන්ධව සිදු කරන ලද ඇගැයීමක ප්‍රතිඵලයක්‌ ලෙස ය.

එහි දී ග්ලයිපොසේට සහ කෘමිනාශක ලෙස භාවිත වන, මැලතියන් (malathion) හා ඩයසිනොන් (diazinon) යන රසායන ද්‍රව්‍ය තුන ම ‘මානව පිළිකාකාරක වීමට සම්භාවී වූ’ (probably carcinogenic to humans) හෙවත් 2A කාණ්‌ඩයට ඇතුළත් කර ඇත. මේ කාණ්‌ඩයට අයත් වන්නේ මිනිසුන්ට පිළිකාකාරක වන බවට සීමිත සාධක ඇති බව හා පරීක්‌ෂණාත්මක සතුන් සම්බන්ධ පර්යේෂණවල දී එA බවට ප්‍රමාණවත් සාධක ඇති ද්‍රව්‍ය ය. (IARC ආයතනය පිළිකාකාරක ද්‍රව්‍ය කාණ්‌ඩ පහකට වර්ග කරයි. 1 වැනි කාණ්‌ඩය යනු ‘මානව පිළිකාකාරක’ (carcinogenic to humans) ද්‍රව්‍ය වේ. දෙවැන්න ඉහත සඳහන් 2A කාණ්‌ඩයයි. තෙවැන්න හෙවත් 2ඊ කාණ්‌ඩය ‘මානව පිළිකාකාර බවට භව්‍ය’ (possibly carcinogenic to humans) වූ ද්‍රව්‍ය ය. සිව්වැන්නට (3 කාණ්‌ඩය) අයත් වන්නේ ‘මානව පිළිකාකාරක බවට වර්ග කිරීමට අපහසු’ (Not classifiable as to its carcinogenicity to humans) ද්‍රව්‍ය ය. 4 වැනි කාණ්‌ඩයට අයත් වන්නේ ‘මානව පිළිකාකාරක නො විය හැකි’ (Probably not carcinogenic to humans) ද්‍රව්‍ය ය.)

මේ පිළිබඳ පුවතක්‌ The Lancet Oncology සඟරාවේ පළ විය. (Carcinogenicity of tetrachlorvinphos, parathion, malathion, diazinon, and glyphosate, DOI: 10.1016/S1470-2045(15)70134-8). මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව ඉදිරියේ දී ප්‍රකාශයට පත් වීමට නියමිත ය. එA, පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ඒජන්සියේ 112 වැනි වාර්තාව ලෙසිනි.

මිනිසුන්ට පිළිකා ඇති කරන බවට ඉහත වාර්තාවේ උපුටා දක්‌වා ඇති පහත සඳහන් පර්යේෂණ සිදු කර ඇත්තේ කෘෂිකාර්මික අංශයේ යෙදෙන පිරිස්‌ පදනම් කරගනිමිනි. ඒ අනුව වසා පද්ධතිය ආශ්‍රිත පිළිකා තත්ත්වයක්‌ වන non-Hodgkin lymphoma ඇති වීමේ අවදානම ග්ලයිපොසේට්‌වලට නිරාවරණය වීම නිසා ඉහළ යන බව පහත අධ්‍යයනවලින් දක්‌වා ඇත.

· ස්‌වීඩනයේ දී පුළුල් වයස්‌ පරාසයක කාන්තාවන් හා පිරිමින් යොදාගනිමින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ග්ලයිපොසේට්‌ හා මේ පිළිකා වර්ගය අතර ශක්‌තිමත් සම්බන්ධයක්‌ පවතී. 1999-2002 අතර දී සිදු කළ මේ අධ්‍යයනය 2008 වර්ෂයේ දී පළ විය. (International Journal of Cancer, DOI: 10.1002/ijc.23589)

· ඇමෙරිකාවේ මධ්‍ය-බටහිර ප්‍රදේශයේ පිරිමින් ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, උක්‌ත පිළිකා ඇති වීම ඉහළ යැම සඳහා ග්ලයිපොසේට්‌ හේතු විය හැකි ය. මෙය 2003 වර්ෂයේ දී පළ වූවකි. (Occupational& Environmental Medicine, DOI:
10.1136/oem.60.9.e11)

· පිරිමින් පමණක්‌ යොදාගෙන කැනඩාව පුරා සිදු කරන ලද, 2001 වර්ෂයේ දී ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයක දී පෙනී ගොස්‌ තිබුණේ ග්ලයිපොසේට්‌ භාවිත කරන දින ගණන හා මේ පිළිකා ඇති වීම අතර සම්බන්ධයක්‌ ඇති බවයි. (Cancer Epidemiology, Biomarkers & Prevention, වෙළුම 10)

කෘෂිකාර්මික සේවකයන් ගේ රුධිරයේ හා මුත්‍රාවල ග්ලයිපොසේට්‌ ඇතුළත් බව ඇතැම් පර්යේෂවලින් දක්‌වා තිබේ.

සතුන් සම්බන්ධ පිළිකා සම්බන්ධ ප්‍රමාණික සාදක ද උක්‌ත වාර්තාව සඳහා පදනම් කරගෙන ඇත. මේවා මීයන් ගේ වෘක්‌කීය නාළිකා, සම ආශ්‍රිත දුර්ලභ අර්බුද තත්ත්ව, අග්න්‍යාශය ආශ්‍රිත ඇඩිනෝමා තත්ත්ව ආදිය මේ සඳහා නිදසුන් වේ. එසේ ම ග්ලයිපොසේට්‌ හා ග්ලයිපොසේට්‌ ආශ්‍රිත සංයෝග නිසා ඩීඑන්ඒ හා වර්ණදේහවලට හානි කරන ලද අවස්‌ථා ක්‌ෂීරපායින් සම්බන්ධ අධ්‍යයනවලින් ද මිනිස්‌ සෛල හා සත්ත්ව සෛල යොදාගෙන කළ බහිර්රෝපණ (in vitro) අධ්‍යයනවලින් ද දක්‌වා ඇත.

පසුගිය සතියේ වාර්තා වූ පුවතකට අනුව ඇමෙරිකාවේ රාජ්‍ය ආයතනයක්‌ වන පරිසර ආරක්‌ෂක ඒජන්සිය (Environmental Protection Agency) මේ වන විට ග්ලයිපොසේට්‌ පිළිබඳව කිසියම් වූ අධ්‍යයනයක්‌ සිදු කරමින් සිටින අතර එහි වාර්තාව ඉදිරියේ දී නිකුත් වීමට නියමිත ය. (මීයන් තුළ අර්බුද (tumour) ඇති වීම පිළිබඳ පැවැති සාධක හේතුවෙන් ග්ලයිපොසේට්‌ ‘මිනිසුන්ට භව්‍ය පිළිකාකාරක’ (possible human carcinogen) බවට 1985 දී ඇමෙරිකානු පරිසර ආරක්‌ෂණ ඒජන්සිය නම් කළ අතර, පසුව 1991 වර්ෂයේ දී ඒ නම් කිêම ඉවත් කර ඇත.)

ග්ලයිපොසේට්‌ තහනම් කර ඇති රටවල්

ඉහත සඳහන් කර ඇති ආකාරයට ග්ලයිපොසේට්‌වල ඇති සෞඛ්‍ය බලපෑම් නිසා එය තහනම් කිêමට පියවර ගෙන ඇති එක ම රට අපේ රට පමණක්‌ නො වේ.

ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ වාර්තා වූ ආකාරයට ඇතැම් රටවල් ග්ලයිපොසේට්‌ භාවිතය සීමා කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත. කොලම්බියාවේ නීතිවිරෝධි ලෙස වගා කරන කොකා වගා විනාශ කිරීම සඳහා ග්ලයිපොසේට්‌ යොදාගැනීම නතර කරන බව පවසා තිබුණේ පසුගිය සතියේ දී ය. ඇමෙරිකාවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක මේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන යටතේ ගුවන් යානා මගින් ග්ලයිපොසේට්‌ ඉසීම සිදු කරන ලදි. (ඇමෙරිකාව මේ සඳහා මැදිහත් වන්නේ මේ නීතිවිරෝධී කොකා ශාක යොදාගනිමින් නිපදවන කොකේන් අවසානයේ දී ඇමෙරිකාවට යෑවෙන නිසා ය). ග්ලයිපොසේට්‌ සඳහා වෙනත් විකල්පයක්‌ සෙවිය යුතු බව එරට ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. මේ සඳහා ඔවුන් පදනම් කරගෙන ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු හැඟවීමයි.

එල් සැල්වදෝරය ග්ලයිපොසේට්‌ සම්බන්ධ සීමා කිරීම් සිදු කරන ලද්දේ 2013 වර්ෂයේ දී ය. නෙදර්ලන්තය, පෞද්ගලික භාවිතය සඳහා ග්ලයිපොසේට්‌ අලෙවි කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වූයේ මෑතක දී ය. බ්‍රසීලය වැනි වෙනත් රටවල් ද ග්ලයිපොසේට්‌ සීමා කිරීම පිළිබඳව පියවර ගත් බව මින් පෙර වාර්තා වී තිබිණි.

මේ කරුණු සියල්ල විමසා බලන විට අපට පෙනෙන්නේ ග්ලයිපොසේට්‌ යනු තවදුරටත් අවධානය යොමු කළ යුතු රසායන ද්‍රව්‍යයක්‌ බවයි. අනෙක්‌ අතට අපේ රටේ තත්ත්වය සම්බන්ධව ද අවධානයෙන් සිටීම වැදගත් ය. රටේ කිසියම් ප්‍රදේශයක පමණක්‌ මේ රසායන ද්‍රව්‍යය තහනම් කිරීමෙන් එය භාවිතයේ කිසියම් අඩු වීමක්‌ ඇති වේ ද යන ගැටලුව මතු වේ. මේ තත්ත්වය තවදුරටත් විමසා බැලිය යුතු තත්ත්වයකි.

ධනේෂ් විසුම්පෙරුම

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.