මෛත්‍රි හමුදාවට පොලිසිස් බලතල පැවරීම වැරදි-පෙරටුගාමීන්

images (56)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කලින් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ගිය අඩිපාරේම යමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩල සභික පුබුදු ජයගොඩ මහතා චෝදනා කළේය.

හෙතෙම ඒ බව සඳහන් කළේ පසුගිය (04 වැනිදා) රාජගිරියේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පුබුදු ජයගොඩ මහතා මෙසේද පැවැසීය.

මහජන ආරක්‌ෂක පනතේ 12 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පෙබරවාරි 03 දින නිකුත් කරන ලද අංක 1900/4 දරන ගැසට්‌ පත්‍රය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ යුතුව තිබෙනවා. මේ ගැසට්‌ නිවේදනය මගින් කරන්නේ හමුදාව සඳහා පොලිසිය සතු බලතල පැවරීම. මේ ගැසට්‌ පත්‍රයේ ලියලා තියෙන්නේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්‌ෂක පනතේ 12 වැනි වගන්තියෙන් මාවෙත පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වන මම මෙහි පළමු වැනි උපලේඛනයේ නිශ්චය කර දක්‌වන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් මෙහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දක්‌වන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යැම සඳහා මෙම නියමය මගින් කැඳවමි කියලා. ඒ අනුව ප්‍රදේශ ගණනාවකට හමුදාව කැඳවීමක්‌ කරලා තියෙනවා.

පුබුදු ජයගොඩ
පුබුදු ජයගොඩ


මේ ප්‍රදේශ ගණනාව කියලා ලංකාවේ සියලුම පරිපාලන දිස්‌ත්‍රික්‌ක දෙවැනි උපලේඛනයේ සඳහන් කරලා තියෙනවා. මුළු රටටම අදාළ හමුදා ස්‌ථාන ගතකිරීමක්‌ කරලා තියෙනවා. මේකෙ සියලුම පරිපාලන දිස්‌ත්‍රික්‌කවලට අමතරව සමහර දිස්‌ත්‍රික්‌කවල ඒ දිස්‌ත්‍රික්‌කයට අදාළව ඒ දිස්‌ත්‍රික්‌කයට අයත් වෙරළ තීරයත් ගැසට්‌ කරලා තියෙනවා. ඒ අනුව යාපනය මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන පරිපාලන දිස්‌ත්‍රික්‌කවලට යාබවද ඇති දේශීය ජල තීරයක්‌ හමුදාව කැඳවීම සඳහා වන ප්‍රදේශයන් විදියට නම් කරලා තියෙනවා.

මේ ප්‍රශ්නය ගොඩක්‌ කල් ඉඳලා තිබුණ සාමාන්‍ය නීතිය යටතේ ප්‍රදේශවල සිවිල් පරිපාලන කටයුතු හා නීතිය හා සාමය

රැකීමේ කටයුතු සඳහා හමුදාව කැඳවීමේ බලයක්‌ රජයට නෑ. ඒ බලය ආවේ හදිසි නීතිය යටතේ. ඉතාම දීර්ඝ කාලයක්‌ ලංකාවේ පොලිසිය සතු බලය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය වාහන පරීක්‌ෂා කිරීමේ වාහන නතර කිරීමේ බලය නිවාස පරීක්‌ෂා කිරීමේ බලය හැඳුනුම්පත් හරහා අනන්‍යතාවය තහවුරු කිරීමේ බලය වැනි පොලිසිය සතු බලතල ගණනාවක්‌ හදිසි නීතිය යටතේ හමුදාව විසින් භාවිත කළා.

2011 අගෝස්‌තු 06 වැනිදා හදිසි නීතිය ඉවත් කරනවාත් එක්‌කම හමුදාවට තිබෙන පොලිස්‌ බලතල අහෝසි වුණා. ඊට පස්‌සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මේ සඳහා සාමාන්‍ය නීතිය යටතේ උත්සාහයක්‌ දැරුවා. මහජන සාමය කඩවන විශේෂ අවස්‌ථාවකදී ඒ ප්‍රදේශයට හමුදාව කැඳවීමට හා ඒ ප්‍රදේශය තුළ පොලිසිය සතු බලතල හමුදාවට පැවරීමට මහජන ආරක්‌ෂණ පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට බලය පවරලා තිබෙනවා. ඒක තිබෙන්නේ විශේෂ සිද්ධියක්‌ වූ විට ඒ ප්‍රදේශයේ හමුදාවට පොලිස්‌ බලතල පැවරීම සඳහා. ඒ නීතියට අනුව එලෙස පොලිස්‌ බලතල පවරන්න පුළුවන් වෙන්නේ මාසයක කාලයකට පමණයි. මාසයක කාලයකට සීමිත ප්‍රදේශයකට හමුදාවට පොලිස්‌ බලතල පැවරීම සඳහා විධිවිධානයක්‌ තිබෙනවා. ඒක තියෙන්නෙත් සාමාන්‍ය නීතියේ නෙමෙයි. ඒක තියෙන්නේ මර්දන නීතියක්‌ විදිහට දිගු කාලයක්‌ තිස්‌සේ ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයෝ නීතිඥයෝ දේශපාලන ක්‍රියාකාරිකයෝ බරපතළ විවේචනයට ලක්‌කරපු මහජන ආරක්‌ෂණ පනත යටතේ.

 

 

aluthgama2

මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා කරපු දේ තමයි නීතියේ තිබෙන මෙන්න මේ කොටස පාවිච්චි කරලා මුළු රටටම අදාළව හමුදාවට පොලිස්‌ බලතල පැවැරුවා. මුලින්ම 2011 සැප්තැම්බර් 06 වැනිදා මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් 1722/7 අංකය දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය නිකුත් කළා. ඒ ගැසට්‌ නිවේදනය හරහා මාසයක කාලයක්‌ සඳහා මුළු රටම හදිසි ආරක්‌ෂක කාලපයක්‌ ලෙස නම් කරලා හමුදාවට පොලිස්‌ බලතල ලබාදීමේ නිවේදනයක්‌ නිකුත් කරලා තිබුණා. එතන ඉඳලා මාසයක්‌ ගානේ ගැසට්‌ නිවේදන නිකුත් කරමින් මේ දක්‌වාම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනීය නීතිය ලංකාවේ පවත්වාගෙන ගියා.

ඒක පිළිබඳ ඉතාම ප්‍රකටම උදාහරණය තමයි වැලිවේරිය රතුපස්‌වල උද්ඝෝෂණය මැඩීම සඳහා හමුදාව කැඳවීම එහිදී හමුදාව වෙඩි තැබීමෙන් ගම්වැසියන් ඝාතනය වීම කියන සිද්ධිත් එක්‌ක හමුදාවට පොලිස්‌ බලතල පැවරීම කියන ප්‍රශ්නය කරලියට ආවා. ඒක පිළිබඳව දැවැන්ත විවේචනයක්‌ ගොඩ නැගුණා.

කාට හරි අහන්න පුළුවන් හමුදාවට පොලිස්‌ බලතල තිබුණොත් ද ප්‍රශ්නෙ පොලිසියට පොලිස්‌ බලතල තියෙන එක්‌ප්‍රශ්නයක්‌ නෙමෙයිද කියලා. මේ ආයතනවල සුළු හරි ව්‍යqහාත්මක වෙනස්‌කම් තියෙනවා. හමුදාව ඉන්නේ යුද්ධ කරන්න. ඒ විතරක්‌ නෙමෙයි හමුදාවටත් පොලිස්‌ බලතල දුන්නා කියන්නේ පොලිස්‌ බලතල පාවිච්චි කරන පුද්ගලයන් ප්‍රමාණයක්‌ ලක්‍ෂයකින් හමාරකින් වැඩි වෙනවා. ඒකක්‌ ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයට හානි කරයි.

ප්‍රශ්නෙ තියෙන්නේ විශේෂ අවස්‌ථාවකදී පාවිච්චි කරන්න තිබුණ නීතියක්‌ විශේෂ ප්‍රශ්නයකින් තොරව මුළු රටටම පාවිච්චි කරමින් ඉන්නවා. ඉතාම කෙටි කාලයකට පාවිච්චි කරන්න තිබුණ නීතියක්‌ ඒ නීතියේ තිබුණ හිඩැස පාවිච්චි කරමින් අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරමින් පාවිච්චි කරමින් ඉන්නවා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරද්දී මේ ප්‍රශ්නය ඉහළම ප්‍රමුඛතාවයක්‌ සහිතව සාකච්ඡා වුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය කාලේ සම්මන්ත්‍රණ රැස්‌වීම් පවත්වමින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මේ හමුදාවට පොලිස්‌ බල තල ලබාදීමට එරෙහිව කටයුතු කළා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඇතුලේ තිබුණ ප්‍රධානම එකක්‌ තමයි මේ මර්දනීය නීතිය මිලිටරිකරණය ඉවත් කරනවා කියන එක. ඒ වෙනුවට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක්‌ හදනවා කියලා තමයි පොරොන්දුව තිබුණේ.

(දිවයින)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.