මෛත්‍රීට එරෙහිව යොදාගත් දරුවා හොයාගැනීමට මෙහෙයුමක්

New Picture

ස්වාධීන රුපවාහිනිය ඔස්සේ කුඩා දරුවෙකු යොදා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට අවාසි වන අන්දමින් දේශපලන ප්‍රචාරරන කටයුත්තක් සිදුවී ඇති බව නීතිවේදී ගුණරත්න

වන්නිනායක කියා සිටී.

මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමනි මගේ අම්මා හිර කරගෙන ඉන්න එපා යැයි මේ දරුවා  ස්වාධීන රුපවාහිනිය ඔස්සේ කියා සිටීයේ කඳුළු සලමින්ය

 

[vsw id=”/POYtVISS7F8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

පියා  යැයි කියන පුද්ගලයාගේ ප්‍රකාශය

 

[vsw id=”/youtu.be/aXITl9TgiN8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සිද්ධියේ පෙළගැස්ම

 
මෙම  චෝදනාවට පොලිස් පැමිණිල්ලක් කරනු වෙනුවට චමිලාගේ සැමියා කියන ජනක සුසිල කුමාර නමැත්තෙකු රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටිමින් මේ ගැන කියා සිටියේ ඇමතිවරයාට චමිලා හා අනියම් ඇසුරක්ද පැවති බව  කියා  සිටියේය.

මීලඟට රූපවාහිනී ප‍්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ පුවතින් කියැවුනේ චමිලාගේ පුත‍්‍රයා සිරකර සිටින බව කියන තම මව බේරාදෙන ලෙස හඬමින් කරන ආයාචනයකි.

 

නමුත් මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයට ගිය චමිලා කුමාරි දිසානායක නමැති මවක පැමිණිල්ලක් කරමින් කියා සිටියේ තම දරුවා මේ කියන කතා බොරු බවත් ඔහුව තම පවුලෙන් වෙන්ව සිටින පියා විසින් පැහැරගෙන ගොස් සිරකර තබාගෙන දේශපාලන වාසියක් ගන්නට මේ දෙවල් කියන බවකි.

හිඟුරක්ගොඩ රාජකීය විද්‍යාලයේ සිසුවෙකු බව කියන පවිත‍්‍ර කුලසේකර නමැති මෙම දරුවා මිත්තනිය සමග සිටි අවස්ථාවේ ඇය රවටා දරුවා රැගෙන ගොස් ඔහුගේ මව මෛත‍්‍රීපාල සිරිසේන විසින් බලහත්කාරයෙන් රඳවාගෙන ඇතැයි පවසා ඇය නිදහස් කරන ලෙස දරුවා හඬමින් කරනු ලබන ඉල්ලීමක් රූප ගත කොට ඇති බව  අය කියා සිටියා ..

තම දරුවා රවටා පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, ඔහුට කායික සහ මානසික වධ හිංසා පැමිණවීම සහ අපහරණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත් තම දරුවා වහාම තමා වෙත ලබා දෙන ලෙසත් ඉල්ලා මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය වෙත මෙම පැමිණිල්ල සිදු කර ඇත.

චමිලාගේ පැමිණිල්ලේ සඳහන් වන්නේ තමන් තම සැමියා වන ජනක සුසිල කුමාර නමැත්තාගෙන් වෙන්ව දරුවාත් ඔහුගේ මිත්තනියත් සමග හිඟුරක්ගොඩ ජීවත් වන බවකි.තමා මෛත‍්‍රිපාල ඇමතිවරයා හෝ කිසිවෙකු විසින් සිරකර නොසිටි බව අය කියා සිටී.
පොලිසිය ඇයගේ පැමිණිල්ල පිලිබඳව බී වාර්තාවක් කොළඹ අංක 9 මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත්කර තිබුණ අතර දරුවාව සොයාගැනීමට වැඩි දුර පරීක්ෂණ සිදුකිරීමට අධිකරණය නියෝග කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.