මෛත්‍රීට මන්නාරමේ මුසාලියේ විරෝධය

maithripala-sirisena-aමන්නාරමේ මුසාලි දකුණ ප්‍රදේශයෙන් මුස්ලිම් අවතැන්වූවන් සඳහා වෙන්කොට තිබූ ඉඩම් ආපසු පවරාගෙන වන අඩවිය ව්‍යාප්ත කළ යුතු බවට ජනාධිපති සිරිසේන විසින් සිදු කට ඇති නියෝගයට මුස්ලිම් බහුජන සංවිධාන තිස් අටක් විරෝධය පල කොට ඇත. පරිසරවාදීන් අතලොස්සක් සහ ඇතැම් මාධ්‍ය ව්‍යාපාර ඇතුළු බෞද්ධ සුළුතරයක්, වර්තමාන ජනාධිපතිවරයාගේ නියෝග ප්‍රකාරව උතුරේ මුස්ලිම් ජනතාවදෙවැනි වරටත් වාර්ගික පවිත්‍රණයකටයටත් කොට තිබෙන බව මුස්ලිම් සමාජ ක්‍රියාධරයින් පෙන්වා දෙති .

වනය රැක ගැනීම වැදගත් වුවත් කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව ගේ අයිතිවාසිකම් කෙලෙසෙන ආකාරයට වන අඩවිය ව්‍යාප්ත කිරීම වැරදි බවයි මුස්ලිම් සංවිධාන පෙන්වා දෙන්නේ. මන්නාරම දිස්ත්‍රික්කයේ විල්පත්තු සහ මුසාලි ප්‍රදේශවලට උඩින් ගිය හෙලිකොප්ටර් චාරිකාවකදී  වන විනාශය දැකීමෙන් ඒ සමස්ත ප්‍රදේශය විල්පත්තුවේ රක්ෂිතයක් සේ සැළකිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.04

පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ ආණ්ඩුව  විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර හතරෙහි ජනාවාස පිහිටුවීම වහාම නතර කර මොල්ලිකුලම් හා මරිච්චිකඞ්ඩි ගම්මාන දෙකෙහි අවතැන් වූ ජනතාව එම ප‍්‍රදේශ වල ම නිසි පරිදි නැවත පදිංචි කිරීමට කටයුතු කරන ලෙස ය. දැනට වන රක්ෂිත වල එළි පෙහෙළි කර ඇති සියලූ වනාන්තර නැවත එම වන රක්ෂිත වලට පැවැරීම හා එළි පෙහෙළි කළ ප‍්‍රදේශ වල නැවත වනාන්තර ප‍්‍රතිස්ථාපනය වීමට අවස්ථාව ලබා දීම සිදු කළ යුතු බව පරිසරවේදීන් පවසති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.