මෛත්‍රීට විරෝධය

 

 

 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව විසින් පරාජය කරන ලද ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කිරීම ඔහු බලයට ගෙන ආ ජනතා බලවේග වල අසතුටට කාරණයක් බවත් එය ජන මතයට පිටුපෑමක් බවත් වමේ කේන්ද්‍රයේ අධිනීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී ය. ජනවාරි 8 දා මේ රටේ මහජනතාව ඡන්දය දුන්නේ විධායක බලතල අහෝසි කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම නමුත් ඒ අරමුණ සඳහා ගමන් කිරීමට පරාජිත ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් නොහැකි බවත් එය පැහැදිලිවම ජනතා බලාපොරොත්තු කඩ කිරීමක් බවත් ලාල් විජේනායක මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වමේ කේන්ද්‍රයේ රාජා උස්වැටකෙයියාව මහතා කියා සිටියේ මෙය ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කළ ජනතා බලවේග ආපස්සට කරකැවීම සඳහා සිදුකරන ප්‍රතිවිප්ලවවාදී බලවේග වල ජයග්‍රහණයක් මිස ජනතා බලවේග වල ජයග්‍රහණක් නොවන බවයි. ජනාධිපති වරයා තමා බලයට ගෙන ආ බලවේග වලින් ඈත් වීමක් මෙයින් සිදුවන බවද රාජා උස්වැටකෙයියාව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හොර රහසේ සකච්ඡා කිරීමට ඉද දිය යුතු නැති බවත් සිදුවූ කථාබහ  හෙළිදරව් කිරීම ඔහුගේ වගකීම බව විචාරකයින් පෙන්වා දෙති.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.