මෛත්‍රීත් කතුවරු සමග තේ පානයට බසී

460797542-300x198

මහින්ද රාජපක්ෂ සමයේ අරලියගහ මන්දිරයේ දී කැඳවුනු පුවත්පත් කතුවරුන්ගේ රැස්වීම යනු ලියන්නේකුමක්දැයි අනියමින් කියන අවස්ථාවක් විය.පසුකාලීනව මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇසීමට බියපත් වුහ.

ජනාධිපති සිරිසේන මහතා හා පැවති රැස්වීම ඉතා සුහද එකක් වූ බවත් ජනධිපතිවරයා  ගෙන් ප්‍රශ්න ඇසීමට බාධාවක් නොවූ බව ඊට සහභාගී වූ කතුවරයෙක් පැවසීය.

උතුරේ කොටි නායකයින් සැමරීමට ඉඩ  දෙන්නේ මන්දැයි විමසු විට තමන්ට පය විසි හතරකට වරක් ආරක්ෂක වර්තා ලැබෙන බවත් එවැන්නක් තමන්ට දැනගන්නට ලැබුනේ නැති බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙවැනි ප්‍රශ්න ඇසීමට තිබෙන ඉඩකඩ විවරව තබා ගැනීම පුවත්පත් කතුවරුන්ගේ වගකීමයි.එය කළ  හැක්කේ රස්සාවේ ආචාර ධර්ම රැක ගැනීමෙන් පමණි.සිරිසේන මහතා මොනවා කිව්වත් ඔහු බලයේ සිටින තුරු විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.එහෙයින් සුපරීක්ෂාකාරී ලෙස  ඔහුව විමසීම මාධ්‍යටත්,ඔහුටත්, ජනතාවටත් යහපතක් වනු ඇත.

සංවාද සටහන

යුද සමයේ මානව හිමිකම් කඩවීයැයි කියන චෝනදා ගැන දේශීය පරීක්ෂණය ලබන ජූනියේ දී ආරම්භ කර සැප්තැම්බරයේ අවසන් කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පුවත්පත් කතුවරුන් සමඟ පැවසීය.

විදේශ පරීක්ෂණයකට රජය අකමැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ට පැවසූ බවත්, ඔහු එය පිළිගත් බවත් ජනපති කීවේය.

සිරිසේන මහතා මෙසේ ද කීවේය.

විල්පත්තු රක්ෂිතය

460797542-300x198

‘විල්පත්තු රක්ෂිතය එළි කිරීම වැරදියි. කිසිම රක්ෂිතයක් එළි නොකළ යුතුයි. වනාන්තර කැපීම නතර කළ යුතුයි. අවතැන්වූවන් හා දෙවැනි තෙවැනි පරපුරේ අයට ඉඩම් දිය යුතු බව ඇත්ත. ඒත් රක්ෂිත ඒ සඳහා පාවිච්චි කළ නොහැකියි. එසේ නොකළ යුතුයි.

විල්පත්තු පැත්තේ නැවත පදිංචි කරවා ඇත්තේ ගිය රජය යටතේ ඉඩම් පිළිබඳ කාර්ය සාධක බළකායේ නිර්දේශ මතයි. මේ ගැන පරීක්ෂණ පැවැත්වෙනවා.

මහා පරිමානයේ වංචා

මහා පරිමානයේ වංචා ගැන සෙවීමට පත් කළ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසිරුවන්නේ නැහැ. එහෙම විසිරුවන බවක් මා කීවෙත් නෑ. එම කොට්ඨාසය පිහිටුවීමේ ගැසට් නිවේදනයේ එක් වගන්තියක් වෙනස් කළ යුතු බව මා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කළා.

ව්‍යවස්ථා දායක සභාව

ව්‍යවස්ථා දායක සභාව ළඟදී පිහිටුවනවා. ලබන මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය ගැන පක්ෂ අතර ප්‍රශ්න තිබෙනවා. මනාප ක්‍රමය ඉවත් කළ යුතු ද නැද්ද එවැනි ප්‍රශ්නයක්. ඒ ගැන අදත් හෙටත් (20,21) සාකච්ඡා කරනවා.

ලබන ඡන්දය වෙනුවෙන් මේ සතියේ ම නාමයෝජනා කැඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය ගැන ජනාධිපති කාර්යාලයය වෙනම පරීක්ෂණයක් පවත්වනවා. (බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ බෑණාගේ සමාගමට අනිසි ආකාරයෙන් බැඳුම්කර වෙන්දේසි කළ බවට විපක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයෙදී ඔහු ඊට සෘජුවම සම්බන්ධ නැතැයි අගමැතිට වාර්තා කර තිබිණි.)‘

 

460797542-300x198

 

 

ජනපතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් කරමින් තිබිය දී ජනවාරි අට වැනි  දා රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙන් දැන් පරීක්ෂණයක් පැවැත්වෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (20) පුවත්පත් කතුවරුන් සමඟ පැවැති සාකච්ඡාවක දී කීවේය.

ජනාධිපතිවරණ ප්‍රතිඵල අත්හිටුවා ඇඳිරිනීතිය පැනවීමේ සැලැස්මක් තිබූ බව ද සිරිසේන මහතා පැවසීය.

අලුත් පාර්ලිමේන්තුව බොහෝ විට ලබන සැප්තැම්බරයේ රැස්වීමට ඉඩ ඇති බව ජනපති කීවේය.

දින සියයයේ රජය පොරොන්දු වූ බොහෝ දේ ඉටු කර ඇතැයි ද, ස්වාධීන කොමිෂන් සභා ළඟදීම පත් කරනු ඇතැයි ද ජනපති කීවේය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.