මෛත්‍රී අඩියක් පෙරට – අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලෙන පනතට හා කියයි

President Maithripala Sirisenaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලෙන කාර්යාලය පිළිබඳ පනතට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

පසු ගිය දා ජාතිවාදයේ අඳුරු සෙවණැලි යළිත් හිස එසවූයේ මේ පනත අත්සන් කිරීමට නිමිතව තිබු නිසාය. ජනාධිපතිවරයා පීඩනයකට ලක් කොට මේ පනතට අත්සන් කිරීම වලක්වාලීම මේ ජාතිවාදය ඇවිස්සු පිරිසේ පරමාර්ථය විය.

ව්‍යවස්ථාදායක මණ්ඩලය අදාළ කාර්යාලයේ සභාපතිවරයා ඇතුළු 7 දෙනකුගෙන් යුතු නිලධාරී මඩුල්ල සඳහා නාමයෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ඇතැයි රවී කරුණානායක පැවසීය.

කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

“රට ඇතුළේ ඉන්න අය අපි රට විකුණුවා කියනවා. අපි කිසිදෙයක් කරලා නැහැ කියලා රටින් පිට ඉන්න අය කියනවා. එහෙත් අපි කරපු දේවල් ගැන කවුරුවත් කියන්නේ නැහැ.

අපි සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීම, සංහිඳියා ක්‍රියාවලිය, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිළිබඳ ආදී පනත සම්මත කිරීම වැනි බොහෝ දේ කර තිබෙනවා. මේ කාර්යාලයෙන් 71 කැරැල්ල කාලයේදී අතුරුදන්වූවන් පිළිබඳවත් සොයා බලනවා. සිංහල, දෙමළ හෝ මුස්ලිම් කියලා වෙනසක් නැහැ. මේ කාර්යාලය ඔස්සේ සීමිත කාලයක් ගැන විතරක් බලන්නේ නැහැ. සිංහල කැරැලි ආදී සියල්ල ගැන සොයා බලනවා. “

“පනතේ සංශෝධන කිහිපයක් කරන්න තිබුණා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම සංශෝධන සිදු කළා. පනත නෛතිකව ක්‍රියාත්මක කරගෙන යෑම සඳහා ජනාධිපතිවරයා අත්සන් තැබුවා.

දැන් මේ පිළිබඳව බිය විය යුත්තේ මිනීමරුවන් පමණි. ජනාධිතිවරයා මේ ආකාරයට මුල සිට වැඩ කළේ නම් අද ඔහු න්ප්ත්ව සිටින දේශපාලන ව්‍යාකුල බැවින් ගැලවීමට ඉඩ තිබින.ඒහෙත් දැන් වුවත් ප්‍රමාණවත් නැත.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.