මෛත්‍රී අතරමං වෙයිද?

Maithripala Srisena_4විධායක බලය සීමා කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනාවලට ප්‍රධාන පශ දෙක අතර එක්න්ගතැනක් ඇති කර ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක අතර සම්මුතියක් ගොඩ නගා ගැනීම අසීරු වී ඇත.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන  විවාදය අරඹමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති පනත 10.11ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේ ‘මෙම පනත ඉදිරිපත් කිරීමට ලැබීම ඓතිහාසික වරප්‍රසාදයකි‘  යැයි ප්‍රකාශ කරමිනි.

‘මෙම ඓතිහාසික සංශෝධනය අඟහරුවාදා (28) සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. යහපත් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්තෘතියක් ඉදිරිපත් කිරීමට මුල් වූ ඩී එස් හා එස්ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක නායකයන් ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියටත් අප ගෙන යා යුතුයි.

විධායක ජනාධිපති ධුරයේ ඇති අසීමිත බලතලවලට ශ්‍රීලනිපය එරෙහි වුණා. 1999 දී එහි අසීමිත බලතල ඉවත් කළ යුතු බව එජාපයත් ප්‍රකාශ කළා. එම අත්තනෝමතික බලතල ඉවත් කිරීමට ඉන් පසු පැවැති ආණ්ඩු නොයෙක් අවස්ථාවල දී කියා සිටියත් එය ඉටුවූයේ නෑ. මහින්ද රාජපක්ෂ පාලනයත් පැහැදිලි ලෙස පැවසුවේ එහි අසීමිත බලතල ඉවත් කළ යුතු බවයි. එහෙයින් ස්වාධීන කොමිෂන් සභා ඇතුළු යහපත් නීති පැනවීමේ අවශ්‍යතාව පාසල් දරුවන් පවා අගය කරනවා.‘ යැයි ජනාධිපත්ව්ර්යා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව හොයා බැලීම සඳහා එම්. ඒ.සුමන්දිරන්,අජිත් පෙරේරා, රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් ගෙන් සමන්විත කමිටුවක් ජනධිපතිවරයා විසින් පත් කෙරුණු අතර මෙම කමිටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා  සංවාදයක යෙදුනි.

පුර පැය තුනකට අධික කාලයක් තිස්සේ පැවති සංවාදය තීරණයකින් තොරව හමාර වී ඇත.

මෙම පනතට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පශය ඡන්දය ප්‍රකාශ කළ හොත් එය ජනාධිපතිවරයාගේද පරාජයක් වනු ඇත.ඊටත් වඩා එය ජනතාවගේ පරාජයක් වනු ඇත.ජනතාව මේ පරජයට මුහුණ දීමට සුදානම්ය.

මෙම  19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය වුවහොත් ජනධිපතිවරයා තමන් මීලඟට කරන්නේ කුමක්දැයි තීරණය කළ  යුතුය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.