මෛත්‍රී ආරක්ෂක සීමාවන් පිටත පැන ප්‍රහාර එල්ල කරයි

President Maithripala Sirisenaමෛත්‍රී ඉතා තීරණාත්මක ලෙස රාජපක්ෂ රෙජීමයට පියවර ගැනීමට සුදානම් බව පෙනෙන්ට ඇත.

පළමුවැන්න මහේෂ් සේනානායක හමුදාපති ලෙස පත් කිරීමයි. මේ මගින් රාජපක්ෂ රෙජීමයට හමුදාව තුළ කළ හැකි බලපෑම දැඩි ලෙස සීමා කෙරේ. මහේෂ් සේනානායක රාජපක්ෂකරණයකට ඉඩ නොදී යුධ සමයේ සිදුවූ අතුරුදහන් කිරීම් ආදිය අපරාධ
සම්බන්ධයෙන් විමර්ශන වලට බාධා නොකීරීමට ඉඩ තිබේ.

දෙවැන්න නම් මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගත යුතු බව පෙන්වාදීමයි. රාජපක්ෂ-රනිල් ඩීල් එකකින් විමර්ශන යටපත් වී ඇති බවත් මෙම තත්වය නිරාකරණය නොකළ හොත් තමන් නිසි පියවර ගන්නා බවයි. ජනාධිපති වරයා පවසන්නේ පොලීසිය සහ මුල්‍ය අපරාධ විමර්ශන අංශය තමන්ට මාස තුනකට ලබාදෙන මෙන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඔච්චමටය .

රාජපක්ෂ ආණ්ඩුවක් පැමිණියත් රනිල්ට ගැටළුවක් නොවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත. එහෙත් එය තමන්ට එසේ නොවන බව ජනාධිපතිවරයා දනී, කැබිනට් මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් ස්වරූපයක් ගත බව lankanewsline වෙබ් අඩවියට දැනගන්නට ලැබී ඇත .

රැස්වීම උණුසුම් කළ මාතෘකාව වුයේ හොරු ඇල්ලීමයි එසේ නැතිනම් හොරු ඇල් ලීමට තිබෙන කම්මැලි කමය. මේ කම්මැලි කම තමන්ගේ පරාජයට හේත්වක් විය හැකි බව ජනාධිපතිවරයට දැන් හොදින්ම තේරුම් ගොස් ඇත. දැන් ඇඟ මැළි කඩා දමා වැඩට බැසීමේ අවසන් හෝරාව ළඟාවෙමින් තිබෙන බව ජනාධිපති වරයාට පසක් වී ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.