මෛත්‍රී ඉවත් කරන්න තීරණයක් ගෙන නැහැ.- තිලංග.

thilanga

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පෙරේදා (14) කරන ලද ප්‍රකාශය ‘අනපේක්ෂිත මට්ටමේ එකක්’ යැයි නියෝජ්‍ය ඇමති තිලංග සුමතිපාල පවසන අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දීමට ජනාධිපතිවරයා එරෙහි වීම තේරුම් ගත හැකි නමුත් ඔහු ඊයේ කළ ප්‍රකාශය අගමැති රනිල් වික්‍රමසිංහට වාසි සහගතව සිදු කරන ලද්දක් හැටියටයි නියෝජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

තවදුරටත් අදහස් දක්වමින් තිලංග සුමතිපාල නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව විසින් මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති පදවියට කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාව පත් කිරීමට තීන්දු කළ බවයි.

එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවියෙන් ඉවත් කිරීමේ සැලැස්මක් නොමැති බවත් තිලංග සුමතිපාල නියෝජ්‍ය ඇමතිවරයා තව දුරටත් පැවසුවේ ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.