මෛත්‍රී උතුරේ හදවත් දිනන වැඩ පිළිවෙළක

maithripalaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යාපනයේ සංචාරයේ දී අභියෝගයකට මුහුණ පෑවේ වසර ගණනාවක් මුළුල්ලේ අත්අඩංගුවේ පසුවන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටින පිරිසකා ගෙනි. කළු කොඩි ඔසවා, ජනාධිපතිවරයා පැමිණෙන මග දෙපස සිට ඔව්හු උද්ඝෝෂණයක නිරතව සිටියහ.
ජනාධිපතිවරයා ඉතා හොඳින් පිරිසට මුහුණ දුන්නේය.

උද්ඝෝෂකයන් වෙතට ගිය ජනාධිපතිවරයා, උතුරේ හෝ දකුණේ හෝ ඕනෑම ගැටලුවක් එකම මේසයක වාඩිවී සාකච්ඡා කිරීමට සූදානම් යයි ඔවුන්ට දැනුම් දුන්නේය.

වව්නියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාරයට යවා තිඛෙන දෙමළ සිරකරුවන් තිදෙනෙකු යළිත් වව්නියාව බන්ධනාගාරයට ගෙන එන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

ජාතික දෙමළ භාෂා දින උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද 14 පෙරවරුවේ යාපනය හින්දු විද්‍යාලයේදී පැවැත්වුණු අතර, “එක්වෙමු – නැගිටිමු – අටුකොටු පුරවමු” ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ උතුරු පළාත් වැඩසටහන ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර ගණනාවක් මුළුල්ලේ රඳවාගෙන සිටින දෙමළ සිරකරුවන් වහාම නිදහස් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමින් දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂනායක ආර් සම්පන්දන් මන්ත්‍රීවරයා පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 12) ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කොට තිබුණි.

මේ සිරකරුවන් සම්බන්ධ ප්‍රශ්නය රටේ නීතිය හා සාමය සමබන්ධ ගැටලුවක් පමණක් නොව එහි දේශපාලන පැතිකඩක් ද තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ සහ නීතිපතිවරයා වෙත ද පිටපත් සහිතව යවන ලද සිය ලිපියේ සඳහන් කරන විපක්ෂනායකවරයා, එබැවින් එය දේශපාලන කරුණක් ලෙස සලකා කටයුතු කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.