මෛත්‍රී” උඹ බම්බු ගහනවාද? ” -වාසු

vasudevaccදින වල දැඩි වියරු ස්වභාවයකින් කටයුතු කරන මහින්ද රාජපක්ෂ වටා සිටින කල්ලියේ ප්‍රධානියා වී සිටින වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මහජන රැස්වීමක් අමතමින් සිරිසේන ජනාධිපතිවරයාගෙන ප්‍රශ්න කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් සිටිමින් ” උඹ බම්බු ගහනවාදඋ? ” යනුවෙන්ය.

මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති ධූර අපේක්ෂකත්වය තබා නාමයෝජනා හෝ ලබා නොදීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුවේදී සෘජුවම ප්‍රකාශ කර තිබේ. මෙම තත්වය හමුවේ වියරු වැටී සිටින මහින්ද පාර්ශවය ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රතික්‍රියා දක්වමින් සිටී.

ජනාධිපතිවරයාගේ සෘජු ප්‍රකාශයත් සමග විමල් වීරවංස මේ වනවිට පසුබා ඇති අතර එහි පුරප්පාඩුව පිරවීමට මෙන් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පාදඩ ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ විවිධ ආශිර්වාද පුජා නමින් රැස්වීම් පවත්වමින් ආගමික සිද්ධස්ථානවලදී ජාතිවාදය වපුරන අතර ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ දරයි.  සිද්ධස්ථානවලට පිටින් සම්මන්ත්‍රණ පවත්වමින් යන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංස, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර අවම දේශපාලන සදාචාරය පවා බිඳ දමමින් ජනතාව ප්‍රකෝප කිරීමට උත්සාහ කරමින් සිටී.

[vsw id=”/ykLWNDeCJs8″ source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.