මෛත්‍රී එජාප පසුපෙළ අල්ලන්න බලයි

maithripala-sirisenaපසුගියදා  ජනාධිපතිවරයා සහ එජාප මන්ත්‍රීවරුන් අතර කථා බහක් ඇති වූයේ මෛත්‍රී දේශපාලන හුදකලාවෙන් ගොඩ එන්න බලන වටපිටාවක් තුළය. එක්සත් ජාතික පක්ෂය ප්‍රබෝධමත් වී ඇත. බකන් නිලාගෙන සිටීම විනාශයට මුල් විය හැකි බව තේරුම්ගත් මන්ත්‍රීවරු ජව ගැන්වීමත් සමඟම ඔවුන් නව බලයක් වී සිටිති.

ඔවුන් ගේ මතය නොතකා හැර මීළඟ වටයට මූහුණ දිය නොහැකි බව මෛත්‍රී තේරුම් ගෙන හමාරය. එක් අතකින් ඒ කීප දෙනෙක්‌ තම පිළට එක කර ගැනීමේ හැකියාවක් තිබේදැයි හොයා බැලීම නරක නැත.අනෙක් අතට ඔවුන් ගේ සහයෝගය ඇතුව ලබනවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමට ඇති හැකියාවය හොයා බැලිය හැකිය .මේ දෙකම නැති වුනත් නඩු ඉක්මන් වන විට මහින්ද නයෙක් ඒ කිපී පහරදෙනු ඇත. මෙහිදීත් එජාප පසු පෙළ හොඳ ආරක්ෂකයින් පිරිසකි.

මේ මොනවා කරන්නත් කතිකාවක් ආරම්භ කළ යුතුය. දැනට එජාප-ශ්‍රීලනිප පිරිස එකට තබා ගත යුතුය. විශේෂයෙන්ම මේ ව විට අතරමං වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්‌ට කෝචෝක් කිරීම නතර කළ යුතුය. යනවා නං යන්න කියන එජාප මන්ත්‍රීවරුන් නිහඬ කර ගත යුතුය.

ආණ්ඩුවට අදාළ ගිවිසුමේ කරුණු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බවත්, එම කරුණු කඩවීමට ශ්‍රීලනිප සහ එජාප යන දෙපාර්ශ්වයෙන්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර තිබේ. පසුගිය සතියේ පැවැති ජනාධිපතිවරයා සහ එජාප මන්ත්‍රීවරුන් අතර සුහද සාකච්ඡාවක දී එජාප පාර්ශ්වයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ශ්‍රීලනිප ඇමැතිවරුන් දිගින් දිගටම සාමූහික වගකීම් කඩ කරන බවයි.
එජාපයට එම චෝදනාව ඉදිරිපත් කරමින් ම ශ්‍රීලනිපය එසේ කටයුතු කිරීම ගැටලුසහගත බව එජාප මන්ත්‍රීවරුන් මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බවත්, සම්මුතිවාදී ආණ්ඩුවේ සියලු කටයුතුවල දී සාමූහික වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් ය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.