මෛත්‍රී කසය අතට ගනී

President Maithripala Sirisenaමෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති වුවත් ඒ බව ජනතාවට දැනෙන්නට නොතිබීම නිසා ඔහු ගේ දේශපාලනය පසුබෑමකට ලක්වී තිබෙන බව ඔහුගේ දේශපාලන උපදේශකයින් ගේ මතය වී තිබේ. විශේෂයෙන් සිරිසේන මහතා තවත් වතාවක් ජනාධිපති ධුරයට තරඟ කල යුතු බව තර්ක කරන පීරිස කියා සිටින්නේ ජනාධිපතිවරයා තෝරාගත් ක්ෂේත්‍ර කීපයක ක්‍රියාකාරි විය යුතු බවයි.

මේ සඳහා දැනට පරිසරය තෝරාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. කොළඹදී පොලිතීන්, ප්ලාස්ටික් සහ විද්‍යුත් අපද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මහා පරිමාණ ව්‍යාපෘති සඳහා පස් සහ කැලෑ කැපීමේදී ඒ සම්බන්ධයෙන් වන ආයතන අවසර ලබාදෙන නිලධාරීන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

පසුගිය දිනක වරකාපොල පිහිටි දිය උල්පත් සහිත පස්කන්දක් කපා එහි පස් ගැනීමට කොන්ත්‍රාත් සමාගමකට අවසර දී ඇති බවත්, ඒ ගැන වැඩිදුරටත්සො යාබැලීමේදී එවැනි ප්‍රයෝජනවත් ස්ථානයක පස් කපා දැමීමට අවසරදීම තුළ නිලධාරීන් පරිසරය ගැන දක්වන උනන්දුව අවම බව පෙනෙන්නට තිබුණු බවත්, ජනාධිපතිවරයා පැවසුවේය.

නුවර -කොළඹ මහා මාර්ගයේ වැඩ ආරම්භ වී නැති අවස්ථාවක පස් කන්ද කැපීමට අවසර ලබා දුන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය. එසේම නුවරඑළිය හා මහනුවර ප්‍රදේශවල විශාල වශයෙන් කැලෑ කැපීම් ගැන වාර්තා වී ඇති බවත්, ඒ සඳහා අවසර දෙන නිලධාරීන් අදාළ පෞද්ගලික සමාගම් සිදුකරන දෑ ගැන පසුවිපරමක් නොකරන බවත්, මේ තුළ විශාල වශයෙන් පාරිසරික හානියක් සිදුවන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විනය ක්‍රියා මාර්ග ගැනීමට
අවසරය මත සිදුවන විනාශය ගැන එම ආයතනවල නිලධාරීන් සොයා නොබලන හෙයින් බව තමන් විනය ක්‍රියා මාර්ග ගැනීමට පසුබට නොවන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. හදිසි අවශ්‍යතා සඳහා කැලෑ සහ වනාන්තර එළිපෙහෙළි කිරීමේදී ඊට තමන්ගේ අනුමැතිය අනිවාර්ය කිරීමේ චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ මධ්‍යම පරිසර අධිකාරිය යටතේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වැනි ආයතන ගණනාවක් ඇති නමුත් ඒවායේ නිලධාරීන් සිය රාජකාරි හරි හැටි ඉටුකරන්නේදැයි තමන්ට සැකයක් ඇති බවයි.

මේ සියලු දෙපාර්තමේන්තු ජනධිපතිවරයාගේ පාලනය යටතේ පාලනය යටතේ පලනය වන ආයතනයි. ජනාධිපතිවරයාගේ නව බල මෙහෙයුමේ ජවයට සමාන්තරව වෙනත් දෙපාර්තමේන්තු ගනනාවකක නම් මේ ලැයිස්තුවට එක වීමට ඉඩ තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.