මෛත්‍රී කුණු කුඩයට වැටෙන්න එපා-අනුර

 

 

 

 

anura-k

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවතාරයට බියවී 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත වීම වැළැක්‌වීමට යටිකූට්‌ටු වැඩ නොකරන්නැයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (07 වැනිදා) ජනාධිපතිරිසේන මහතාට අවධාරණය කළේය.

පාඨලි චම්පික, නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ හඬ පිටුපස ඇති හස්‌තය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බවට චෝදනා කළ හෙතෙම එය එසේ නොවන්නේනම් එය ඔප්පු කර පෙන්වීමේ අවස්‌ථාවද ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත් කියා සිටියේය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ තමන්ගේ ස්‌ථාවරය කුමක්‌ද යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහා රටට හෙළි කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

සිදුවෙමින් පවතින්නේ කුමක්‌ද යන්න නෝතේරෙන්නට ජනතා විමුක්‌ති පෙරමුණ “බබ්බු” නොවන බවත් දොරේ හඬත් බෙරේ හඬත් අතර වෙනස සිය පක්‍ෂය දන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

මැතිවරණ පොරොන්දු ඉටු නොකර ඉතිහාසයේ කුණු කූඩයට ගිය අනෙකුත් නායකයින්ගේ තැනට නොවැටෙනා ලෙසද අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්‌ කළේය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මතවීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැපවීම අත්‍යවශ්‍ය බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා තැනින් තැන හොරගල් ඇහිලීම දැන් නතර කළ යුතු බවත් පැවැසීය.

අනුර කුමාර දිසානායක මහතා ඊයේ (07 වැනිදා) එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය

 

 

[vsw id=”/RWcMddZSYqc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.