මෛත්‍රී ගිනි අවි සහිත සම්මාන ආචාර මුරයයේ උණ්ඩයක්

ජනාධිපතිට සම්මාන මුරයක් පැවැත්වීමට නියමිතව තිබූ තුවක්කුවක උණ්ඩයක්.! පීඑස්ඩීයට හසුවේ

තිබී ජනාධිපති ආරක්ෂක අංශයට හසු වී තිබේ.

ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ අද (24) පැවැති ත්‍යාග ප්‍රධාන උළෙලට සහභාගී වූ අතර එහිදී පාසැලේ ශිෂ්‍ය භට කණ්ඩායමෙන් ජනාධිපති සම්මාන ආචාර මුරයක් පැවැත්වීමට නියමිතව තිබී ඇත. ඒ සඳහා සැරසී සිටි ශිෂ්‍ය භට සිසුවෙකු අත තිබුණු තුවක්කුවක උණ්ඩයක් තිබී පීඑස්ඩිය විසින් සොයා ගෙන ඇත.

ජනපති එහි එන්නට පෙර ජනාධිපති ආරක්ෂක අංශය ශිෂ්‍ය භටයන් පරීක්ෂා කර තිබිණ.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට මෙම තුවක්කු නිකුත් කර තිබුනේ රන්ටැ‍ඹේ පිහිටි යුද හමුදා ශිෂ්‍ය භට බලකායේ කඳවුරෙනි. එම තුවක්කු ඊට පෙර දා ආරක්ෂාව සඳහා ගම්පහ පොලිසියට බාර දී තිබී ඇත. අද යලි ලබා ගෙන තිබුනේ ගම්පහ පොලිසියෙනි.

කෙසේ වෙතත් ශිෂ්‍ය භටයන් පමණක් නොව යුද හමුදා භටයන් විසින් වුව ප්‍රභූන් සඳහා ඉටු කරන සම්මාන ආචාර මුරයන් හිදී භාවිතා කරන ගිනි අවි වල බැරලයෙන් කොටසක් කපා දමනු ලබන අතර ඒවාට උණ්ඩයක් දැමුවද වෙඩි තබා හානියක් සිදුකළ නොහැකිය.

නමුත් මෙහිදී උණ්ඩය හමුවූ තුවක්කුව එලෙස කපා දමන ලද්දක්ද නොවූ එකක්ද යන්න ගැන තොරතුරක් වාර්තා වූයේ නැත.

මීට මාස කිහිපයකට පෙර හම්බන්තොට සංචාරයකදී ද ජනාධිපතිවරයා ඝාතන තැතක් වාර්තා විය. එහිදී නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයෙකු උණ්ඩ සහිත පිස්තෝලයක් සහිතව පීඑස්ඩී ආරක්ෂකයන්ගේ ඇස් වසා ජනාධිපතිවරයා අසලටම ගොස් සිටියදී අල්ලා ගැණින

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.