මෛත්‍රී ගේ ආයාචනය හුදු දේශපලන ප්‍රකාශනයක්ද නැතිනම් වෙඩිමුරයක්ද?

 

2-Maithree_forcessing

මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක හමුදා වෙත ආයාචනයක් කරමින් ඉල්ලා සිටින්නේ නීතියට පටහැනි නියෝග වලට අවනත නොවන ලෙසයි.

ඔහු මේ ඉල්ලීම ඉදිරිපත් කරන්නේ යුදහමුදාව මැතිවරණ ක්‍රියාවලියට නීති විරෝධි අන්දමින් මැදිහත් කරගෙන ඡන්දය ප්‍රකාශවීමට බධා කිරීමේ සැලැස්මක් ඇති බවට ආරංචි පත්‍ර යමින් තිබියදී. 5 වෙනිදා රාත්‍රියේ ප්‍රචාරක කටයුතු අවසන් වූ වහාම කොළඹ මාර්ග බාධක ඇති කිරීමටත් ඡන්දයෙන් පසු කොළඹ නගරයේ පොලිසිය රාජකාරිවලින් ඉවත් කර නගරය හමුදාව යටතට ගැනීමටත් සැලසුම් සකස් කර ඇතැයි විවිධ ආරංචි පැතිර යයි.එසේම යාපනයේ සහ නැගෙනහිර තෝරාගත් ස්ථාන වල ඡන්ද ප්‍රකාශය වලක්වා ලීමටත්

සැලැස්මක් තිබෙන බව මේ වන විටත් මැතිවරණ නිරීක්ෂකයින්ට දන්වා තිබේ.

සියළු ආරක්ෂක අංශ කරන  ලද    විවෘත ආයාචනයෙන්   මෛත්‍රීපාල සිරිසේන ඉලා සිටින්නේ ඒකාධිපති විධායක නායකත්වයකින් පැවරෙන අවනීතික බලපෑම් වලට යට නොවී ඥානාන්විතව රාජකාරී කර ‘රාජද්‍රෝහී‘ වූවාය යන චෝදනාවෙන් අත් මිදෙන්නැයි  යන්නයි.

 

 

1-Maithree_forces

 

මෙට පෙර සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියා ළඟ එන වියරු සුළි සුලඟක පෙර නිමිත්තක් විය හැකි බව   මෛත්‍රීපාල සිරිසේන තම නිවේදනයෙන් පෙන්වා දෙයි.

 

“ පසුගියදා පැල්මඩුල්ලේ දී අපගේ රැලියට ගල් මුල් එල්ල කිරීම, 3 වෙනිදා අරලගංවිල රැලියට වෙඩි තැබීම, ඊයේ කහවත්තේ දී මගේ ආධාර කරුවන්ට වෙඩි තබා තිදෙනකුට තුවාල සිදුකිරීම ආදිය මීට වඩා අනාගත ක්‍රියාදාමයක පූර්විකාවක්දැයි සාධාරණ සැකයක් පහල කරයි.“ මෙසේ පවසන පොදු අපේක්ෂකයා:

‘‘ ඕනෑම තරාතිරමක නිලයකින් අතපසුවීමකින් හෝ විය හැකි නීති විරෝධී ක්‍රියාමාර්ග නිසා ඔබගේම හමුදා තුලින් හෝ විවෘත සමාජයෙන් හෝ කැරලිකාර තත්ත්වයක් ඇති නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.“ යැයි කියා සිටී.

මේ ලියවිල්ල හුදු දේශපලන ප්‍රකාශනයක්ද එසේත් නැතිනම් බැරෑරුම් දේශපාලන වැඩපිළිවෙලක මුල් පියවරද යන්න කීමට තවමත් ඉක්මන් වැඩිය.

මහින්ද රාජපක්ෂ පැහැදිලි ජයග්‍රහනයක් ලැබුවහොත් මෙය හුදු වචන පෙළක් වනු ඇත.

 

2-Maithree_forces

දෙදෙනාටම  පැහැදිලි ජයග්‍රහනයක් ලබාගත නොහැකි වුවහොත් හෝ මෛත්‍රීපාල සිරිසේන ජය ගත පසු ඔහුට බලය මාරු කිරීමට  බාධා ඇතිවුන හොත් මේ ලියැවිල්ල වීදියේ බල හුවමාරුව විසඳන ක්‍රියාවලියක මුල් පියවර වන ඇත.

 

විධායක ජනපතිවරණ පැවැත්වීම ආරම්භ වුදා පටන්මේ තාක් පැවැති කිසිදු ජනාධිපතිවරණයකදී ආරක්ෂක වෙත මෙවැනි ආයාචනයක් විපක්‍ෂයෙන් ඉදිරිපත් කිරීමට සිදුවී නැත.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.