මෛත්‍රී ගේ ඉන්දියානු ගමනය බලාපොරොත්තු දනවයි

downloadindia navyyy

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පදවියට පත් වීමෙන් අනතුරුව සිය පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගත් අතර ගැන ආරම්භවීමටත් පෙර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දුරකථනයෙන් කත් කොට කියා  සිටීයේ-මෛත්‍රී ඔයා එනතෙක් අපි පෙරමග බලා ඉන්නවා  ඒවගේම ලෝක කුසලාන තරඟයේදී  ඔබේ පිළටත් සුබපැතුම් යැයිකියා  සිටියේය.

ඔබේ පිළට මමත් සුබපතනවා යැයි කියා සිටීමට  අමතක නොකළේය.

පරිප්පු ප්‍රහාර

බැළු බැල්මට පංකාදු ආරම්භයකි.ඇත්තටම ආතතියෙන් පිරුණ පරිප්පු ප්‍රහාර එල්ලවෙන සම්බන්ධයකට වඩා මෙය හොඳ ආරම්භයකි. ඉදිරි දශකය තුළ ලෝකයේ බලවත්ම ආර්ථික කලාපය වන්නේ ආසියවයි.චීනය සහ  ඉන්දියාව එහි පෙරමුණ ගනු  ඇත.ඒ අතින් ශ්‍රී ලංකාව සිටින්නේ වාසිදායක තැනකය.

 මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාව කෙරෙහි චීනයේ අසීමිත බලපෑම පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයෙනුයි සිටි අතර ඉන්දියාව කෙළින්ම ශ්‍රීලංකාව ප්‍රශ්න කල අවස්ථාද විය. චීන සබ්මැරීන් කොළඹට පැමිණීම ඉන්දියාවට ගැටළුවක් විය.හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටු පොළ  චීන මුදලින්ඉදි වීමත් සමග ඉන්දීය කොන්සල් කාර්යාලයක් හම්බන්තොට විවෘත කෙරුනි.

downloadrajiv shot

චීන බලපෑම හොර පාරෙන්

කොළඹ ඉදි කෙරෙන වරාය නගරය ඉන්දීය සාගර කලාපයේ චීන බලපෑම හොර පාරෙන් තහවුරු කර ගැනීමක් හැටියට ඉන්දියාවේ සැකයට පාත්‍ර විය.

ඉන්දීය ආධාරයෙන් සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදු  වෙද්දීත් උතුරු දුම්රිය මාර්ගය හැදෙද්දී ගැටළු මතු විය.

යුද්ධයේ දී බරපතළ මානව හිමිකම් උල්ලංඝනය වූ බවට එල්ල වන චෝදනා විභාග කරන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඉන්දියාව දෙවරක්ම සහයෝගය පළ කළේය.

පසුගිය වසරේ මාර්තු මාසයේ ඉදිරිපත් වූ යෝජනාවට ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකුනු නමුත් සම්බන්ධතා කිසිසේත්ම යහපත් නොවීය.

imagreementages

 

 

 

දැන් වෙනස්

ශ්‍රී ලංකාවේ උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බවට යෝජනාවක් උතුරු පළාත් සභාව පසුගිය දා ඒකච්ඡන්දයෙන් සම්මත කර ගත් යෝජනාවට ඉන්දියාවේ සහයෝගය ලබා නොදීමට ඉඩ ඇති අතර ධීවරයින් ගේ ප්‍රශ්නයද ගොඩින් බේරා ගැනීමට ඉඩ ඇත.

උතුරේ ජනතාවට සාධාරණයක් වන අන්දමින් බලය විමධ්‍යගත කිරීමට ශ්‍රී ලංකාව එකඟ වෙතොත් සෙසු ගැටළු ඉතා පහසුවෙන් විසඳා  ගත හැකි වනු ඇත.

මෝදිට තමිල්නාඩු දේශපාලනයෙන් බලපෑමක් නැත.ඔහුට පාර්ලිමේන්තු බහුතරයක් ඇත.ඒ අර්ථයෙන් ජාතික ගැටළුව විසඳා ශ්‍රී ලංකාවට කෙරෙන ඉන්දීය බලපෑම අවම කරගනීමට ඇති හොඳම අවස්ථාව මෙයයි.

නවදිල්ලි පරිපාලනයට එකක් කියා කොළඹ පැමිණ තවත් එකක් කිවහොත් වැඩේ අනිවාර්යයෙන්ම දෙල් වනු ඇත.

මෝදි මෑත ඉන්දීය ඉතිහාසයේ පත්වූ බලවත්ම ජනාධිපතිවරයායි.මෛත්‍රී සැබෑ ජන රැල්ලකින්න් බලයට පත්වූ නායකයෙකි.එහෙයින් මෝදි ගේ සහයෝගය ඇතුව මේ දික් ගැසුණු සිංහල දෙමළ අවිස්වාසය තුරන් කර ලීමට ඉන්දියාවට සිදුවන මෛත්‍රී ගමනය සැලකිය යුතුය.

සදා පවතින වාර්ගික සංහිඳියාව ඇතිකිරීමට මේ ගමන  හේතු වුනොත් එය දෙවෙනි වන්නේ දේවානම්පියතිස්ස රජ  දවස සිදුවූ මහින්දාගමනයට  පමණි.

President Sirisena’s  Indian visit crucial to the future of Sri Lanka.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.