මෛත්‍රී ගේ ජනාධිපති කාර්යලයේත් යහ පාලන දෝෂයක්

 

ශ්‍රීලංකා පදනම් ආයතනයට ගිය නව ජනාධිපතිවරයා
ශ්‍රීලංකා පදනම් ආයතනයට ගිය
නව ජනාධිපතිවරයා

 

දුෂිතයින් පිටු දැකීම පිළිබඳව ජනතා අභිලාෂය ඉටු නොවීම පිළබඳව ආණ්ඩු පක්ෂයේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලද්දී  කෙළින්ම ජනාධිපති කර්යාලය යටතේ පාලනය වන අයාතන වල පවා දුෂණය පිටු දැකිය නොහැකි තත්වයක් උදා වී ඇත.

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම සඳහා ශ්‍රීලංකා පදනම් ආයතනයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හමුවුනේ  ජනාධිපති කර්යාලයේ පැරණි බල ව්‍යුහයේ දුෂිතයින් රැක ගැනීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකා යටතේ පදනම් ආයතනයේ සභාපති තනතුරේ එල්ලී සිටී මහාචාර්ය රංජිත් බණ්ඩාරය.ශිෂ්ට සම්පන්න මිනිසෙක් වූසිරිසේන මහතා කිසිත් නොකියා රංජිත් බණ්ඩාර දුන් බුලත් හුරුල්ල පිළිගත්තේය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පණත අනුව  ජනාධිපතිවරයා ගේ ධුරකාලය හමාර වූ පසු ඔහු පත් කල සභාපතිවරයා ගේ ධුර කාලය ඉබේම අහෝසි වෙයි.එහෙත් ඒ නීතිය රංජිත් බණ්ඩාරට වලංගු නැති  බවයි පෙනීයන්නේ.

 

65028

 

මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිව සිටි කාලයේ ඔහුගේ  චරිතාපදානය ලිවීමේ මුවාවෙන් ඔහු ගැන ඔත්තු බැලීම  බැසිල් රාජපක්ෂ විසින් තමන්ට පැවරු බව රංජිත්  බණ්ඩාර ප්‍රකාශ කළබව රාජපක්ෂ මැතිවරණ ප්‍රචාරන සම්බධීකරණ කමිටු  සාමාජිකයින් කියා සිටිති.

 

බැසිල් රාජපක්ෂ ගේ  මෙහයවීම යටතේ බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසළ ‘අපේ ගම’ තුලදී පාතරාස හමුවකින් දිනපතා ආරම්භවූ  ප්‍රචාරණ  වැඩපිළිවෙල තුල  මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන පරිදි නොයෙකුත් දේ  නිර්මාණ කළ  රංජිත් බණ්ඩාර කළ  කී දේ  ශ්‍රී ලංකා පදනම් ආයතයේ සේවකයින් විසින් මේ වන විට ජනාධිපති කාර්යාලයට

දන්වා ඇතත් ඒ විස්තර මෙහි සඳහන් කල නොහැක්ක්කේ නව ජනාධිපතිවරයා යළිත් අපහසුවට පත් කරලීම හොඳ මාධයවේදය  නොවන හෙයිනි.

 

මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ව්‍යාජ හඳහනක් නිර්මාණය කොට ඔහුට කාල සර්ප කාලයෝගයක් සහිත සමයක් ගෙවීමට සිදුවීම හේතුවෙන් පරාජය නියත බව  පතුරුවා හැරීම මෙහි  සඳහන් කළ හැකි  එක කටයුත්තකි

 

 

SLFnLogo

ඩලස්ගේ සොහොයුරෙකු වන සාරංග අලහප්පෙරුම ,උගස් බැංකු සභාපති ජගත්වැල්ලවත්ත හා ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් චරිත හේරත්,ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විලී ගමගේ ආදීන් සමග කොළඹ 07 හෝටන් පෙදෙසේ බැසිල්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සම්පත් භාවිතා කරමින් රංජිත් බණ්ඩාර අසභ්‍ය  දේශපාලන ප්‍රචාරණයේ යෙදුනේ ඔහුට දුෂණ ක්‍රියා රැසක් යටපත්  කිරීමට තිබු නිසා  බව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සේවකයින් කියා සිටිති.

විශාල ධනවතෙක්

පසුගිය කාලය තුලදී විදේශීය විශ්වවිද්‍යාල සමග අයථා ගිවිසුම් ඇතිකර ගැනීම,ජනාධිපති කාර්යාලයේ නිලධාරින් සහ හිටපු ආරක්ෂක ලේකම් වරයාගේ හිතවතුන් අයථා  ලෙස

බඳවා ගැනීම තුලින් කොන්ත්‍රාත් ලබා ගැනීම්,ඉදිකිරීම් කොන්ත්‍රත් වලින් කොමිස් ලබා ගැනීම, ශ්‍රී ලක පදනම් ආයතනයේ සම්පත් වලින් තමන් ගේ ව්‍යාපාර ජාලයක් නඩත්තු

කිරීම ආදිය  තුලින්  විශාල ධනවතෙක් වී සිටින රංජිත් බණ්ඩාර ගේ ක්‍රියාකලාපය පිළබඳව ජනාධිපති කාර්යාලයේ විගණන අංශය කීපවතවක්ම විමර්ශන ආරම්භ කල නමුත් ඒ සියළු කටයුතු අතරමග ඇනහිට තිබේ.

ලිය කියවිලි  විනාශ කිරීමට

රංජිත් බණ්ඩාර ගේ දුෂිත කටයුතු වලට සහයෝගය දෙන පරිපාලන  අධයක්ෂිකාව තොරතුරු වසං කරන හෙයින් ඇය ලිය කියවිලි  විනාශ කිරීමට  ඉඩ තිබෙන බව සේවකයින් පෙන්වා දෙති.

ශ්‍රී ලංකා පදනම් ආයතනයට ගිය නව ජනාධිපතිවරයා මුහුණ දුන් සිදුවීමෙන් පසුව මලිත් ජයවීර නව සභාපතිවරයා වශයෙන් පත් කිරීමට හ්නාධිපති ලේකම් කාර්‍යාලය  කටයුතු කොට ඇත.රංජිත් බණ්ඩාර ගේ දුෂණ සහ අකටයුතු නිසි විමර්ශණයකට ලක් කිරීම නව සභාපති වරයාගේ ප්‍රමුක ක්‍රියාවවිය යුතු බව සේවකයින් විසින් ජනාධිපති  කාර්යාලයට දන්වා ඇත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.