මෛත්‍රී ගේ ජීවිත අවදානම් කථාව ගැන රාජ්‍ය තාන්ත්‍රික අවධානය

SRI LANKA-ELECTION-OPPOSITION

ඉදිරි දින කිහිපය තුළ තමන්ගේත්,  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙත්, ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජීවිත පිළිබඳව අවදානමක් පවතින බව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බකමූණේ දේ කල ප්‍රකාශය පිළිබඳව කොළඹ පිහිටි තානාපති කාර්යාල කරුණු විමසමින් සිටිති.

මේ ප්‍රකාශය හුදු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් කරන ලද එකක්ද නැතිනම් හේතු කාරණා ඇතුව කරන ලද්දක්ද යන්න තහවුරු කර ගැනීම මේ විමසීම් වල අරමුණ වී තිබේ.

ඡන්ද ප්‍රතිපලය කුමක්වුවත් තමන්ගේ රාජකාරිය නිසියාකරව  කළයුතු බවට මතයක් පොලීසිය තුල  පැතිරෙමින් තිබෙන බව මාධ්‍යවේදීන් කියති.

 

මේ අතරවාරේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටීයේ ඡන්දයේ ප්‍රතිපල වල හොරෙන් වෙනස් කිරීමට තමන් ඉඩ  නොතබන බවයි.

 

මෛත්‍රීපාල සිරිසේන මහතා බකමූණේදී

“මේවා සෙල්ලමකට ගන්න එපා. අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ සටන කරන්නේ. ඉදිරි දින කිහිපය මගෙත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙත්, ජනරාල් සරත් ෆොන්සේකාගේත් ජීවිත පිළිබඳව බරපතල අර්බූධයක් තිබෙනවා. ආණ්ඩුව පරදින හින්දා, මහින්ද රාජපක්ෂ පාලනය ගෙදර යන හින්දා, අද අපේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. අපිට වාර්තා වෙනවා ඉදිරි දින කිහිපය තුළ අපේ ජීවිත පරිස්සම් කරගන්න කියලා. නමුත් අපි ජීවිත ආසාව අත්හැරලා මෙනතට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ජනතාව ඉදිරියේදී මුලු රටට ඇහෙන්න මම කියනවා. අපි ඒවාට මූණ දීලා පස්සට යන්නේ නෑ. අපි පැහැදිලිවම ජයග්‍රහණය කරනවා. අපේ මලකදන් මතින් මහින්ද රාජපක්ෂ මහත්තයාට දිනන්න පුළුවන් කමක් නෑ.”

 

[vsw id=”/Gttzn59NmV0″ source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.