මෛත්‍රී ටයි කෝට් ගලවයි………………………

maithripala-sirisenaඉහළ රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳීම අනිවාර්ය කරමින් හිටපු ජනාධිපතිවරයකු විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය තමා අහෝසි කළ බව සිරිසේන මහතා පැවසීය.

රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් මින් ඉදිරියට අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර ටයි පටිය හා කබාය සහිත නිල ඇඳුම ඇඳීම අනිවාර්ය නොවන බව ද ජනාධිපතිවරයා කීවේය.

‘පහුගිය දෙසැම්බර් 31 වැනි දා මම පොලොන්නරුවේ වාර්ෂික පිරිත් පිංකමට ගියා. මම යද්දි රෑ 11 ට විතර ඇති. එතකොටත් අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ටයි එකක් එහෙම දාගෙන පිරිත් අහනවා. මම ඇහුවා රෑ වෙලා නේද? ටයි එක එහෙම දාගෙන මොකද කියලා. මම නම් හිතන්නේ එතුමට අර චක්‍රලේඛය බලපාන්න ඇති.‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.