මෛත්‍රී නිර්භයව පියවරක් ඉදිරියට-උතුරේ වැසියන්ට ඉඩම්

යාපනය,වලලායිහි අද පැවති උත්සවයකදී උතුරේ අධි ආරක්ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ පැවැති ඉඩම් අක්කර දහසක් එහි මුල් පදිංචිකරුවන්ට ලබාදීම ආරම්භ විය.

 

ජනතාවගේ දැවෙන ප්‍රශ්න අපි පැහැදිලිවම විසඳනවා – ජනපති යාපනයේදී කියයි (VIDEO)

 

එහි ප්‍රථම අදියර යටතේ ඉඩම් අක්කර 425ක් එහි මුල් පදිංචිකරුවන් වෙනුවෙන් නිදහස් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ද සහභාගිවීම විශේෂත්වයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ හදවතට එකඟව කෙළින් වැඩ කරන් මිනිසෙක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගේ අචල සහයෝගය ලබා ගැනීමට සමත් බවත්  මේ පියවර තබමින් ඔප්පු කොට ඇත.

ඒ සියල්ලටත් වඩා උතුරේ ජනතාවගේ හදවත් දින ගැනීමට නම් ඔවුන්ට ගරු කටයුතු ලෙසින් සැලකිය යුතු බව පෙන්වාදී තිබේ.

විග්නේශ්වරන් මහ ඇමතිවරයා සිංහලෙන් කථා කරමින් කියා සිටියේ ඔබ අපට ගරු කටයුතුව සලකන්නේ නම් අපිද ඔබට පෙරළා ගරු කරන්නෙමු යන්නයි.

 

[vsw id=”/7vouAWOGoi4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!