මෛත්‍රී පාලනය ගැන ජාත්‍යන්තර අවධානය තියුණුයි

Eu-flag-vector-material2

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ  ජයග්‍රහණය  ජාත්‍යන්තරව ඉතා තියුණු අවධානයට ලක් වෙමින් පවතී.

මධ්‍ය වාර්තා සහ රාජ්‍ය තාන්ත්‍රික සුබ පැතුම් දෙස බලන විට මේ වන  විට ශ්‍රී ලංකාව ලෝක  සිතියමේ පුංචි තිතක් වුනත් ජාත්‍යන්තරයේ දැඩි අවධානයට  ලක්වෙන බව පෙනෙන්නට තිබේ.

ඇමරිකාව, ප්‍රංශය,නොර්වේ,ඉන්දියාව,චීනය ආදි හැම බලගතු රාජ්‍යයකම රාජ්‍ය නායකයින් ශ්‍රී ලංකාවට සුබපතා  ඇති අතර ගර්ඩියන්, බී.බී .සී, අල්ජසීරා, ඉකොනමිස්ට්,හින්දු ආදී පුවත්පත් වල දීර්ග විග්‍රහාත්මක ලිපි පළ වී  තිබේ .

ගාර්ඩියන් පුවත්පත පෙන්වා දෙන්නේ   හිටපු ජනාධිපතිවරයා සමග  එකට අප්ප කෑවත් සියල්ල රහසක් සේ තබා ගනිමින් අනපේක්ෂිත ලෙස මතුවෙනට ගත් තීරණය නිවැරදි එකක් බවයි.කෙසේ වෙතත් ආර්ථික ප්‍රතිපත්තිය හෝ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මෛත්‍රී මහින්දට වඩා තීරණාත්මක ලෙස වෙනස් නොවනු ඇතැයි ගාර්ඩියන් විග්‍රහය පෙන්වා දෙයි.

newsfghfjg

ජත්‍යන්තර මධ්‍ය විග්‍රහ හම එකක්ම පාහේ ජාතික ප්‍රශ්නය ගැන නව ජනාධිපතිවරයා වැඩි යමක් කියා නැති බවත් ඇතැම් විට දකුණේ

ඡන්දදායකයා අමනාප කර ගැනීමට තිබෙන බිය නිසා මෙසේ කටයුතු කිරීමට සිදුවුවා විය හැකි බව පෙන්වා දෙන ගාර්ඩියන් විග්‍රහ කියා සිටින්නේ

මෛත්‍රීපාල සිරිසේන සමග  ශ්‍රී ලාංකිකයින් වැඩිදෙනා  අළුත් යුගකයට

පිය මැනීමට සුදානම් වෙන බවයි.

ටයිම් සඟරාව ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක්ම මහින්ද රාජපක්ෂ

වෙත එල්ල වූ දුෂණ චෝදනා පිළිබඳව දැඩි අවධානයක් යොමු කොට ඇත.

AJ_INSIDESTORY

මේ වන පළවී ඇති මාධ්‍ය විග්‍රහ අනුව  ජාත්‍යන්තර මට්ටමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වීම සුබදායක නිමිත්තක්  සේ දක්වා ඇත.

එහෙත් ඔහුගේ වැඩපිළිවෙල ගැන වැඩි යමක්  කිමටඉම්ට ඉක්මන් වැඩි බව මේ විග්‍රහ කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගේ උපහැරණයක් භාවිතා කළහොත් රාජපක්ෂ ස්ටෝර්ස් හි  බඩු අන්තිම සවුත්තුය.එහෙයින් එය වස දැමු එක හොඳය. සිරිසේන ස්ටෝර්ස් හි බඩු ගැන යමක් කීමට ඉක්මන් වැඩිය පලමුවැන්න මේ කඩය අළුත්ය දෙවැන්න

එහි කොටස්කරුවන් ඇහින්දාස්ය.තුන්වනුව කඩිමුඩියේ අටවාගත් මේ කඩයේ විකුණන බඩු ගැන හරිහැටි විස්තර දැන ගන්ට නැතිය.

Newspapers at a stall in Colombo show headlines about Sri Lanka's new president Maithripala Sirisena

මේ විග්‍රහ තුලින් ජාත්‍යන්තර මට්ටමේ දී මෛත්‍රීපාල සිරිසේන මැනෙන ප්‍රමිතීන්  ගැන අදහසක් ඇතිකරගත හැකිය.

ජාතික ප්‍රශ්නය නිරාකරණය අකාරය.ජනමාධ්‍ය නිදහස රකින අන්දම,යහ පාලනය ස්ථාපිත කරන ආකාරය,සහ සෙසු ලෝකය සමග ගනුදෙනු කරන ආකාරය මෛත්‍රීපාල සිරිසේන මිනුම් කරන ප්‍රධාන නිර්ණායක ලෙස මේ විග්‍රහ  වලින්  ඉස්මතු වේ.

දැනට යොමු වී ඇති ජාත්‍යන්තර අවධානය අනුව මෛත්‍රීපාල සිරිසේනට හෝ රනිල් වික්‍රමසිංහට ‘ අපි ඡන්දය දිනලා ඉන්නේ උඹලා බම්බු ගහපල්ලා’ යැයි කිව නොහැක.

ශ්‍රී ලංකාව වෙත යොමු වී ඇති ආලෝක ධාරාව තීව්‍රය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.