මෛත්‍රී පිළත් ජ්‍යෝතිර්වේදීහු වැඩට ගනිති

 

images (37)

මේ ජනාධිපතිවරනයෙදී ජ්‍යෝතිර්වේදීන්ගේ සේවය වැඩි වශයෙන් ලබාගත්තේ මහින්ද රාජපක්ෂ පිලයි.අවසන් මොහොතේ මෛත්‍රී පිළත්  ජ්‍යෝතිර් වේදීන්ගේ සංගමයේ

පිහිට පැතු  බවක් පෙනෙන්ට තිබේ.

ජ්‍යෝතිර්වේදය විශ්වාස කරනවාද යන්න  පුද්ගලික කාරණයකි. මේ කථා කරන ජ්‍යෝතිර්වේදීන් සියළුම දෙනා ඒ ඒ පිළට හේත්තු වී සිටින  අතර තමන්ගේ දේශපාලන විස්වාසයන්ට අනුකුලව ජන මතය හැඩගැස්වීමට කුජ,රාහු සහ බුධ එහා මෙහා කරමින් සිටින බව යමෙක් චෝදනා කළහොත් එය අසාධාරණ චෝදනාවක් නොවනු ඇත.

 

මහින්ද රාජපක්ෂ ගේ නැකත්කරුවන් සියළුම දෙනා අඩු නැතුව ජනතා මුදලින් වරදාන ලබති.මෛත්‍රී පිළ වෙනුවෙන් අනාවැකි කියන පිරිසේ මාධ්‍ය හමුව සංවිධානය  කොට පුවත බෙදා හරින් ඒ පිළේ මාධ්‍ය කණ්ඩායමයි.

downloadgjhgjh (1)

 

විශේෂයෙන්ම යහ පාලනය ගැන කතා කරන මෛත්‍රීපාල සිරිසේන මහතා දැනගත යුත්තේ ක්ට්ටඩියන් විසින් මෙහයවන රාජ්‍යයක් යහපත් එකක් විය නොහැකි බවයි.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍යයේ සුක්කානම යන්ත්‍ර මන්ත්‍ර කරුවන්ට භාරදී බොහෝ කල්ය.

 

මේ විවේචනය කිසිසේත්ම එවැනි විස්වාශ අරභයා කෙරෙන්නක් නොවේ.එත් තමන් අදහන දේ මතම මුළු රටක මිනිස්සුන්ගේ ජීවිත් තීරණ කිරීම සාධාරණ නොවේ.

 මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නා බව ස්වාධීන ජ්‍යෝතිර් වේදීන්ගේ සංගමය

ඉදිරි ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නා බව ස්වාධීන ජ්‍යෝතිර් වේදීන්ගේ සංගමය අද සෝලිස් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

නාත්තන්ඩියේ පී ඩී පෙරේරා, ගාමිණී බුලත්සිංහල සහ කේ ඒ යූ සරත්චන්ද්‍ර යන ජ්‍යෝතිර්වේදීහු ඊට එක්වූහ.

2014 අවසානයේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වන බව, කාන්තාවක් එහි මූලිකත්වය ගන්නා බව හා නොසිතූ චරිතයක් පොදු අපේක්ෂකයා බවට පත්වන බවටත් තමන් මින් පෙර කී සියලු අනාවැකි සත්‍ය වූ බවත්,    ජනාධිපතිවරණයෙන් සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවත් නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා කීවේය.

සිරිසේන මහතාගේ කේන්ද්‍රයේ රාජ යෝග රැසක් ඇති බවත්, ඔහු නියත වශයෙන්ම ජනාධිපතිවරණය ජය ගන්නා බවත් ගාමිණී බුලත්සිංහල සහ කේ ඒ යූ සරත්චන්ද්‍ර මහත්වරු කීහ.

මේ අතර ජනාධිපති ජෝතිෂ උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතා පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් කියා තිබුණේ ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නා බවයි. සිරිසේන මහතාගේ කේන්ද්‍රයේ රාජ යෝග නැතැයි ද ඔහු කියා තිබිණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.