මෛත්‍රී මධ්‍යම කාරක සභාවට එරෙහිව වාරණයක් ගනී.

mt

පක්ෂ නායකයාගේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් කැඳවීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් පනවා ඇති අතර ප්‍රසන්න සෝලංගආරච්චි මහතා කළ ඉල්ලිමක් සලකා බලමින් කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා මෙම වාරණ නියෝගය පනවා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයාගේ අනුමැතියකින් තොරව පක්ෂයේ ලේකම්වරයාට විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට හැකියාවක් නැතැයි සෝලංගආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තර්ක කළ බව සඳහන් වන අතර නීතිඥ ලංකා ධර්මසිරි මහතාගේ උපදෙස් මත ඉරේෂ් සෙනෙවිරත්න සහ තිශ්‍ය වේරගොඩ යන නීතිඥවරුන් ප්‍රසන්න සෝලංගආරච්චි මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.