මෛත්‍රී යනවා නම් යන්න – එජාපය

Maithripala Sirisenaමතුවී ඇති දේශපාලන තත්වය පැහැදිලිකරගැනීම සදහා පසුගිය 26 දා රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති මංගල සමරවීර , මලික් සමරවීක්‍රම ඇතුළු එජාප ප්‍රබලයින් පිරිසක් මහින්ද පිල සමග එකතු වන්නේනම් හවුල් ආණ්ඩුවේ අවබෝදතා ගිවිසුමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවත්වන ලෙස දැනුම්දී ඇත. ඒ වගේම ශ්‍රිලනිපයේ සහය නොමැතිව එජාපයට ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවද මෙහිදි එජාප නියොජිතයින් ජනාධිපතිවරයාට ප්‍රකාශකර ඇත.

ආණ්ඩුව එජාපය සමග පවත්වාගෙන යන ගමන් මැතිවරණයට මහින්ද සමග එකතුවීම ජනවරමට පිටුපෑමක් වන බවත් එහෙයින් මෙම දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙසත් මංගල සමරවීර මහතා මෙහිදී ජනාධිපතිවරයාට අවදාරණය කර තිබේ.

එනවා නම් අයින් වෙන්න-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කරන්නටනම් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවත් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර පෙන්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.

මේ බව ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දෙනු ලැබ ඇතැයි ද වාර්තා වෙයි.

“ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ අයවැය පරාජය කිරිමයි. මේ 09 වැනිදා අයවැය ඡන්ද විමසීමට විරුද්ධව ඡන්දය භාවිත කර ඔවුන්ගේ අවංකභාවය පෙන්විය යුතුයි. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණයට අපිට එකට එකතුවෙලා තරග කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඉවත්වෙන්නේ නැතිනම් අපි පොහොට්ටුවෙන් තරග කරනවා “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.