මෛත්‍රී -රනිල්-මහින්ද රකී

images (anuraඊයේ(27) කුරුනෑගල ප්‍රදේශයේ සම්මන්ත්‍රණයක් ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරේ මට හොදටම විශ්වාසයි ජනාධිපතිවත් අගමැතිවත් රාජපක්ෂ පවුල හොරාකාපු මහජන මුදල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නෙ නෑ කියන කාරණය.

අනුර දිසානායක වැඩිදුරටත් පැවසුවේ මහින්ද , බැසිල්, ගෝඨාභය, නාමල්, යෝෂිත, ශිරන්ති, උදයංග වීරතුංග සහ නිශාන්ත වික්‍රමසිංහ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු දෙනාට දඬුවම් ලබාදිය හැකි හොඳ අවසථාවක් ලැබී ඇති මුත් එය ප්‍රයෝජනය නොගන්නා බවයි.

එසේම මෛත්‍රීපාල ජනාධිපතිවරයා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට දිගින් දිගටම දඬුවම් ලබාදුන්නොත් ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෙන්ම පක්ෂයද අහිමිවෙනු ඇති නිසා ඔහු නීතිමය පියවර ගැනීමට පමා කරන බව සහ බාධා කරන බව අනුර දිසානායක පවසයි.

ඔහු පවසන පරිදි මේ වනවිට දුෂණ විරෝධී කමිටුවට වෙත පැමිණිලි 142ක් ලැබී ඇති අතර ඉන් 92ක් අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට, මුල්‍ය අපරාධ ඒකකයට, අපරාධ විමර්ශන ඒකකයට යොමු කර ඇත

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.