මෛත්‍රී, රනිල්, මහින්දට ආත්ම ආරක්ෂාව අහිමි……..

mahinda-maithi-ranilජනාධිපතිවරයාගේ කථාව පුරා තිබුනේ රටට වැරැදුනු තැන්ය. එසේත් නැතිනම් හදාගත යුතු ය. සංවර්ධනයට හිතකර ප්‍රතිත්ති, නව පරිපාලන රටාවක්, දුෂණ විරෝධය, දුප්පත් කම තුරන් කිරීම, මුල්‍ය විනය ආදී සියළු යහ පාලන ගුණාංග වල වැදගත්කම අවධාධරණය කළේය.

පුරා හැත්තෑ වසරක් පුරා වැරදුනු දේ බොහෝ බවට සැක නැත. එහෙත් මේ වැරදි නිවැරදි කර ගැනීමට විධායක ජනාධිපති තනතුර භාරගත් මෛත්‍රී කොතෙක් දුරට කටයුතු කොට ඇත්දැයි යන ප්‍රශ්නය මතුවේ.

මහින්ද රාජපක්ෂ සමඟ කටයුතු කරන මන්ත්‍රීවරු 96 දෙනා ගෙන් බොහෝ දෙනා හට දුෂණ චෝදනා ඇති බවත් ජනාධිපතිවරයා ගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් යමක් සිදූ කොට නැති බවත් ප්‍රකට කරුණකි.
එසේ තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ 96 දෙනාට තමන් හා එක පෙළට හිට ගන්නැයි කියන ජනධිපතිවරයාට මුල්‍ය විනය පිළිබඳව කථා කළ හැකිද යන්න ප්‍රශ්නයකි.

‘දුෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම ජාතික ප්‍රගමනයේ ආත්ම ආරක්ෂාව බව” මෛත්‍රී පවසයි.

මහින්ද ගේ උසට වැඩි දුෂණ චෝදනා කන්දක් ඔහු ගේ හිසට ඉහලිනි. බැඳුම්කරයේ වගකීම් වලින් සම්පුර්නයෙන්ම ඔහුට නිදහස් විය නොහැක. ඒ අතර මේ මොහොතේ වැඩිම බලය තිබෙන පුද්ගලයා වන මෛත්‍රී හොරු රොත්තකට ඇරයුම් කරයි.

එසේ නම් මහින්ද, රනිල් මෙන්ම මෛත්‍රීත් ආත්ම ආරක්ෂාව අහිමි කරගත් නායකයින් සේ හදුන්වා දීම වැරදිද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.