මෛත්‍රී ස්ට්‍රයික්-කැබිනට් හමු අත්හිටුවයි

maithripala-sirisenaකැබිනට් සංශෝධනයක් කරන බවට තමන් ජනතාවට පොරොන්දු වී ඇති බැවින් කැබිනට් සංශෝධනයේ පොරොන්දුව ඉටුකරන තුරු සතිපතා කැබිනට් හමු නොපවත්වන බවට ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ. අගමැතිවරයාගේ චීන සංචාරයෙන් පසුව යෝජිත කැබිනට් සංශෝධනය කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රිමසිංහ මහතා තීරණය කර ඇත. අගමැතිවරයා චීන සංචාරය සඳහා පිටත්වීමට පෙර ජනපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ.

පවතින ගැටළු විසඳාගන්නා තුරු චීනය සමග හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා නොකරන ලෙසද ජනතිවරයා  අගමැතිවරයාට උපදෙස් දී අතැයි කියැවේ. ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් චීන බලධාරීන් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අගමැතිවරයා යෝජනා කර තිබිණි.

ස්වාධීන කණ්ඩායමක්

මෙම කැබිනට් සංශෝධනය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සබඳතා අතර ගැටළු  නිර්මාණය කර තිබේ. පවතින කැළඹුම් සහගත දේශපාලන තත්ත්වය නොවිසඳුනහොත් අගෝස්තු මාසයේ සිට තමන් ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමට සූදානමින් සිටින බව ජනපතිවරයා හමුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනතා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පවතින අවබෝධතා ගිවිසුම් අගෝස්තු මාසයේදී සමාලෝචනය කිරීමට යෝජනා වී තිබිණි. ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති ජනපතිවරයා ප්‍රබල තීන්දුවක් ගන්නා බවට පවසා තිබේ.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන අනුග්‍රහය දැක්වීමේ ගිවිසුමේ පිටපතක් කල්වේලා ඇතිව ජනපතිවරයාට දී තිබුණේ නැති බවද දැනගන්නට තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.