මෛතී‍්‍ර පාලකයිනි වත්කම් ප්‍රකාශ කොට වැඩ භාර ගන්න -කුසල් පෙරේරා

kusal49cf2b00623b_L

දූෂණ හා වංචා වලින් තොර, සමාජයට වග කියන්නාවූ පාලනයක් ආරම්භ කිරීමේ සහතිකය ඇත්තේ මේ ආණ්ඩුවේ බලධාරීන් ඔවුන්ගේ හා ඔවුන්ගේ පවුලේ වත්කම් බැරකම් සමාජය හමුවේ ප‍්‍රකාශයට පත් කිරීමෙන් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන කුසල් පෙරේරා කියයි.

ඔහු ‘මෛතී‍්‍ර පාලකයින්ට විවෘත ඉල්ලීමක්’ ලෙස නිවේදනයක් නිකුත්කරමින් මේ බව කියා සිටී.

එම නිසා ජනාධිපති හා අගමැති ඇතුලූ මේ ආණ්ඩුවේ සියලූ කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් සමග නියෝජ්‍ය ඇමතිවරුන් 1975 අංක 01 හා පසුව 1988 අංක 74 ලෙසින් සංශෝධිත වත්කම් හා බැරකම් ප‍්‍රකාශ කිරීමේ නීතිය යටතේ පසුගිය 2014 වසරේ දෙසැම්බර අවසානය වන තෙක් වූ තමන්ගේ හා තම පවුලේ වත්කම් හා බැරකම් ඉදිරි පෙබරවාරි 04 වන දින නිදහස් උත්සවයට කලින් ප‍්‍රකාශයට පත්කරන ලෙසද ඉන් ඉල්ලා සිටී.

වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ජනපති හා අගමැති නිල වෙබ් අඩවි වලත් අදාල අමාත්‍යාංශවල නිල වෙබ් අඩවි වලත් පළ කළ යුතු බවට ද කුසල් මහතා යෝජනාවක්ද ඉදිරිපත් කර සිටී.

ජාතික විධායක කමිටුව නමින් වාඩිවන සියලූ දෙනාගේ එම වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ජනපතිගේ නිල වෙබ් අඩවියේ පළ කරන ලෙසද ඔහු ඉල්ලයි.

යහ පාලනයක් වෙනුවෙන් දිවිහිමියෙන් පොරොන්දුවන කිසිවකු විවෘත දේශපාලනයක් සඳහා වන මෙම ඉල්ලීම පැහැර නොහරිනු ඇති බවට තමා විශ්වාස කරන බවද පෙරේරා මහතා සිය නිවේදනයෙන් දක්වා ඇත.

සම්පූර්ණ ඉල්ලීම පහත පළවේ.

2015 ජනවාරි 23 වන දින
සියලූ මාධ්‍ය වෙත
මෛතී‍්‍ර පාලකයින්ට විවෘත ඉල්ලීමක්

දෙසතියකට ඉහතින් පැවති ජනාධිපතිවරණයේදී විශේෂයෙන් දකුණේදී සාකච්ඡාවට ගැණුනේ රාජපක්ෂ පාලනයේ මහ පරිමාණ වංචාව හා ¥ෂණය ගැන විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු චෝදනා ය. එම චෝදනා ඉදිරිපත් කළ විපක්ෂයේ බොහෝ දෙන සිතුවාටත් වඩා විශාල ප‍්‍රමාණයෙන් හා හතර අත පැතිරුණු මහ පරිමාණ දූෂණයක් ගැන තොරතුරු දැන් මාධ්‍යයන්හි වාර්තා වේ. ඒවාට සිදුවන්නේ මොනවාදැයි තීන්දු විය හැක්කේ තවත් කලක් ගොසින්ය.

මේ ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිගේ ආණ්ඩුව එවැනි දූෂණ හා වංචා වලින් තොර යහපාලනයක් වෙනුවෙන් ජනතාවට දිවුරා පොරොන්දු වී ඇත. දැනුවත් බහුතර ජනතාවක්ද දූෂණ හා වංචා වලින් තොර එවැනි වගවීමක් සහිත විවෘත පාලනයක් ඉල්ලා සිටිති. එනිසාම එහි මූලික වගකීම බාර ගත යුතුව ඇත්තේ ජනාධිපති, අගමැති, කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් සමග නියෝජ්‍ය ඇමතිවරුන්ය. එවගේම කිසිදු ව්‍යවස්ථාදායක බලයක් නැතත් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති තීන්දු කිරීමේ අයිතිය ලබා ගෙන ඇති ජාතික විධායක සභාව නමින් රැස්වන පක්ෂ හා වෙනත් පුද්ගලයින්ගේ කමිටුවය.

දූෂණ හා වංචා වලින් තොර, සමාජයට වග කියන්නාවූ පාලනයක් ආරම්භ කිරීමේ සහතිකය ඇත්තේ මේ ආණ්ඩුවේ බලධාරීන් ඔවුන්ගේ හා ඔවුන්ගේ පවුලේ වත්කම් බැරකම් සමාජය හමුවේ ප‍්‍රකාශයට පත් කිරීමෙන් යැයි මම කියමි.

එනිසා ජනාධිපති හා අගමැති ඇතුලූ මේ ආණ්ඩුවේ සියලූ කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් සමග නියෝජ්‍ය ඇමතිවරුන් 1975 අංක 01 හා පසුව 1988 අංක 74 ලෙසින් සංශෝධිත වත්කම් හා බැරකම් ප‍්‍රකාශ කිරීමේ නීතිය යටතේ පසුගිය 2014 වසරේ දෙසැම්බර අවසානය වන තෙක් වූ තමන්ගේ හා තම පවුලේ වත්කම්  හා බැරකම් ඉදිරි පෙබරවාරි 04 වන දින නිදහස් උත්සවයට කලින් ප‍්‍රකාශයට පත් කළ යුතු යැයි ඉල්ලමි.

එම වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ජනපති හා අගමැති නිල වෙබ් අඩවි වලත් අදාල අමාත්‍යාංශවල නිල වෙබ් අඩවි වලත් පළ කළ යුතු යැයි මම යෝජනා කරමි.

ජාතික විධායක කමිටුව නමින් වාඩිවන සියලූ දෙනාගේ එම වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ජනපතිගේ නිල වෙබ් අඩවියේ පළ කරන මෙන්ද ඉල්ලමි.

යහ පාලනයක් වෙනුවෙන් දිවිහිමියෙන් පොරොන්දුවන කිසිවකු විවෘත දේශපාලනයක් සඳහා වන මෙම ඉල්ලීම පැහැර නොහරිනු ඇතැයි මම විශ්වාස කරමි.

අත්සන් කළේ
කුසල් පෙරේරා
මාධ්‍යවේදී / ශී‍්‍ර ලාංකික පුරවැසි

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.