මෛතී‍්‍රගෙන් රනිල්ට දුර්වල දඟ පන්දුවක්

maithripala&ranilයහපාලන ආණ්ඩුවේ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරු ආණ්ඩුවෙන් ඉවත් වන බව ඉඩම් ඇමති ටී. බී. ඒකනායක කල ප‍්‍රකාශය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ තවත් දුර්වල දේශපාලන මෙහෙයුමක් බව පෙනෙන්නට තිබේ.

මේ වන විට මෛතී‍්‍රපාල සිරිසේන වටා එක් රොක් වී සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරු එජාපය සමග තව දුරටත් මේ පාර්ලිමේන්තු කාලය ගෙවා දමනවා හැරෙන්නට අන් විකල්පයක් නොමැත. තමන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් එජාපයට තම පිරිසට වැඩි ඇමති ධූර ප‍්‍රමාණයක් ලබා දී ශක්තිමත් විය හැකිය.

අනෙක් අතට එජාප ශ‍්‍රීලනිප දීගය තව දුරටත් පවත්වාගෙන යන බව පක්ෂයේ මහ ලේකම් වන දුමින්ද දිසානායක දැනටමත් ප‍්‍රකාශ කොට ඇත. ටී. බී. ඒකනායක් රාජ්‍ය ඇමතිවාරයා පවසන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෝ විධායක සභාව සමග සාකච්ජා කිරීමෙන් තොරව තම තනි මතයට පක්ෂයේ මහ ලේකම් වරයා තම පෞද්ගලික අදහස් ප‍්‍රකාශ කොට ඇති බවයි.

ජනාධිපතිවරයාට ඇති එකම විකල්පය විධායක බලතලයි. විධායක බලතල වලින් තොරව තවත් ජනාධිපති ධූර කාලයක් ගත කිරීමට උත්සාහ කිරීම හෝ විශ‍්‍රාමික සැලැස්මක් කල්පනා කිරීම පමණි. ඔහු හා සිටින මැති ඇමති වරුන්ට එක්කෝ පොහොට්ටුව සමග පිපෙන්නට උත්සාහ දැරිය යුතුව ඇත. එසේත් නැත්නම් අලියා පිටේ නැගීමට සූදානම් විය යුතුය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.