මෛතී‍්‍ර වැඩ වරද්ද ගත් හැටි මහින්ද කඩුවෙලදී කියයි

Mahinda 1111“මම අවුරුදු දෙකක් පරිත්‍යාග කරලා වැඩ වරද්ද ගත්තා. මෙයා එපා කිය කිය ඇවිත් වැඩි කරගන්න ගිහිල්ලා ඇන ගත්තා. තව බලය මදි වෙලා ගාන දික්කරගන්න ගිය මෛතී‍්‍රට වැඩේ වැරදුණා. උපදේශකයෝ කිව්ව ඒවා ඇහුවහම වෙන්නේ ඕක තමයි. මට වුණෙත් ඕකයි.

දැන් ජනතාව ඉස්සරහ ප‍්‍රසිද්දියේම මේගොල්ලො නිරුවත් වෙලා ඉවරයි. බලය එපා කියමින් ආවෙ. එයාටත් තව මදියි කියලා ටික දවසක් යනකොට දැනුනා. ඒක තමයි මේ ජනාධිපති පුටුවෙ රස. දැන් මෙයාට වැඩේ වැරදිලා.” යැයි පසුගිය 15 වෙනිදා කඩුවෙල පැවති ජන හමුවකට සහභාගී වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා, “ගිය පාරට වඩා වැඩි ප‍්‍රමාණයකින් අපි මේ පාර කඩුවෙල දිනනවා. බඩු මිල ගැන මම තමුන්නාසේලාගෙන් අහන්නෙ නෑ. තමුන්නාන්සේලා හොඳටම දන්නවා. දැන් ලාභයිනෙ බඩු. පොල් ගෙඩියක් රු. 120ක් අයෙ දුන්නොත් ඉතිරි ටිකත් ගණන් උස්සයි.” යැයි කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.