මෛත‍්‍රීට සහ මහින්දට කතාබහ කොට ප්‍රශ්න විසඳාගත හැකිද?

 

 

download (71)

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සහ පක්ෂයේ ප්‍රබලයින්ට එරෙහිව නැගෙන චෝදනා ඇතුළු තවත් කරුණු ගනනාවක් පිළිබඳව  කථාබහ කර ගැනීම් සඳහා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔහු ගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී හමුවීට නියමිතය.

දැනට පතින් තත්වය අනුව රටේ නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විය යුතුය. මේ සංශෝධනය අනුව මීට පෙර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පක්ෂයේ

සභාපති ධුරය අහිමි විය. ඒ තර්කය අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය යුතුය.එහෙත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්

තර්ක කරන නිමල් සිරිපාලද සිල්වා හිටපු ඇමතිවරයා කියා සිටින්නේ  මෛත‍්‍රීපාල සිරිසේන මහතා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ නොකළ හෙයින් ඔහුට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිමි නැති බවයි.

download (72)

දිගින් දිගට නැගෙන චෝදනා පිළිබඳවමෛත‍්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය වුවත් කල හැකි යමක් නැති බවයි දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී එන මහා මැතිවරනයේදී තමන්ගේ මේ චෝදනා මතු කරන හෙයින් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මේ පිළිබඳව ක්‍රියාත්මක නොවී සිටිය නොහැක.

මීට අමතරව හිටපු ජනාධිපතිනි  චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් මහින්ද රාජපක්ෂ මහතාට එරහිව යම් කිසි පීඩනයක් පක්ෂය තුළ ගොඩනැගීමට උත්සාහ කළ  හැකිය.

අනෙක් අතට  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ දකුණේ ජන පදනම තවමත් ශක්තිමත්ය . මේ ජන පදනම මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරහිව බල ගැන්වීමේ හැකියාව තිබේ. එහෙයින් මහින්ද රාජපක්ෂ මහතා සමග යම් කිසි එකඟතාවක් ගොඩනගා ගැනීමේ වාසියක් තිබෙන බව දන්නා සිරිසේන මහතා ඒ සඳහාත් උත්සාහ  කල් හැකි බව

නිරීක්ෂකයින් පෙන්වා දෙති.

මේ උත්සාහය අසාර්ථක වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පිළ දේශපාලනිකව යටපත් කර ගැනීමට සිරිසේන මහතා උත්සාහ කළ හැකි බව නිරීක්ෂකයෝ  වැඩිදුරටත් පෙන්වා දෙති.

 

මහින්ද ගේ පැත්තෙන්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපති ධුරය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  මහතාට ලබා දී දේශපාලනයෙන් සමු ගැනීමට යන බව පවසා දැනට නිහඬ වීම  හෝ පුතා වන නාමල් රාජපක්ෂට පෙරට එන්න සහයෝගය ලබාදීමේ පිළිවෙතකට රාජපෂ මහතාට මාරු විය හැකිය.

එහෙත් එපමණින් හිටපු ජනාධිපතිවරයා හමුවේ ඇති ප්‍රශ්න සියල්ල විසඳෙතැයි යිතිය නොහැක.මන්දයත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සංකීර්ණ බල සන්ධානයක

 කොටස් කාරයෙක් වන හෙයිනි.අනෙක ඔහු ගේ තේමාව යහ පාලනයයි. සිය්ලට වඩා ඔහට තමන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය වනු ඇත.

 

 

 

ති

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.