මෛත‍්‍රී -ඔබත් සොරගුණේ වනාන්තරය නසන්නට ඉඩ දෙනවාද?

images (77)

 

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි සොරගුණේ වනාන්තරය නසමින් ෙමි වනවිට . කාමර දෙදහසක හෝටල් සංකීර්ණය හා ගොල්ෆ් පිටියඉදිකරන ඛෙරගල ගොල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය හීන් සිරුවෙි ඉදිකරමින් පවතී.එයට අවශ්‍ය මාර්ග පද්ධතියේ මාර්ග කිහිපයක් මෙිවනවිට ඉදිකර හමාරය.

මෙම ගොල්ෆ් ව්‍යාපෘතිය ෙවිළි ඔය හා සොරගුණේ ප්‍රදේශවල පරිසරය හා ජන ජීවිතයට අහිත කර ලෙස බලපානු ලබන නිසාත් මෙම ප්‍රදේශය අවධානමි කලාපයක් නිසාත් 2009 වර්ෂයේ සිට මෙම ව්‍යාපෘතියට එරේහිව විවිධ මැදිහත් කිරීමි කලද හිටපු නායකයන් ජනතාව මුලාකරමින් මෙම ව්‍යාපෘතිය කිරීමට අවශ්‍ය වටපිටාව ගොඩනග ඇත.

imageshjsora

ප්‍රධාන වශයෙන් වේළිඔය ව්‍යාපෘතිය පෝෂණය කරනකාල්කන්ඔය, දෙමටආර ,වේළිඔය, පතහඔය යන ප්‍රධාන ජල මාර්ගවල පෝෂක ප්‍ර්‍රදේශ වනසොරගුණේ් වනාන්තරය තුල අක්කර හයසිය විසි අටක කැලෑ ඉඩම් එළිපෙහෙලි කර හෝටල් ව්‍යාපාරයකට හා ගෝල්ෆ් පිටියකට පවරා දීමේ කටයුතු මේවන විට සිදුකර හමාරය.එලෙස පවරාදුන් ඉඩමි භාවිතයටගනිමින් දැනට මාර්ග දෙකක් ඉදිෙවිමින් පවතී.

මෙම අක්කර 628ක ඉඩම පවරා දී ඇත්තේ රුපියල් මිලියන හයක් පමණ මුදලකටය. රජයෙන් රුපියල් මිලියන 850ක් පමණ වැයකොට ගොඩනගන ලද වේළිඔය අමුණ ව්‍යාපාරයද මෙලෙස සිදුකරන වන විනාශය නිසා අසාර්ථක වනු ඇත.

වේළිඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගොවි පවුල්දහස් ගණනාවක් ජීවිතය සරි කරගන්නා අතර පානීය ජලය ආදී තම එදිනෙදා  සියලූ ජල අවශ්‍යතා ද සපුරාගනුයේ මෙමගිනි. වේළිඔය ව්‍යාපාරය සඳහා ප්‍රධාන වශයෙන් ජලය ලැඛෙන සොරගුණේ වනාන්තර ඉඩම් තුළ අරළු, බුළු, නෙල්ලි, ගම්මාළු, කහට වැනි ඉතා වටිනා ශාකද ඌව මැන්ඩොරා නැමති මෙම ප්‍රදේශයට පමණක් සීමා වූ ඉතා දුර්ලබ ශාක විශේෂ ද දැකගතහැකි අතර මෙම පරිසර පද්ධතිය ප්‍රදේශයේ ජල උල්පත් ආරක‍ෂා කරන එකම වනාන්තර ප්‍රදේශයයි.

.දැනට ඉදිවෙමින් පවතින අනවසර මාර්ගයත්, මර්ගය තැනීෙමින් අනතුරුව ඉදිවීමට නියමිත හොටල් සංකීරණය හා ගොල්ෆ් ව්‍යාපෘතියත් හේතුවෙන් අපූර්ව වූ ජෛව විවිධත්වයත් ජල පෝෂිත ප්‍රදේශ රැසකුත් විනාශ වී යනු ඇත.

 

විරෝධය පළකරමින් ගස් පැවිදි කිරීම
විරෝධය පළකරමින් ගස් පැවිදි
කිරීම

එයට අමතරව උඩවලව බෝගහපට්ටිය යා කරන සම්ප්‍රදායික අලි මංකඩ වැටී ඇත්තේද මෙම සොරගුණේ වනාන්තරය තුලින්ය. ජෛව විද්‍යාත්මකව ඉහළ වටිනාකමක් ඇති සොරගුණේ වනාන්තරය කපා හෝටල් සහ ගෝල්ෆ් ක්‍රිඩා පිටියක් ඉදිකිරිම සඳහා 2011-04-11 දින ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ අධ්‍යක‍ෂවරයෙකු විසින් හල්දුම්මුල්ල ප්‍රදේශීිය ලේකම් වරයා වෙත ලිපියක් යොමු කරමින් අවසරය ඉල්ලා ඇත.සොරගුණේ් වනාන්තරය සතු ඉඩම් වන සංරක‍ෂණ දෙපාර්තමේන්තුවට හා සොරගුණේ දේවාල සතු රාජකාරි ඉඩම් ලෙස දැනට පවතින අතර එය වේළිඔය ව්‍යාපාරයේ ප්‍රධාන ජල පේාෂිත ප්‍රදේශයදවේ.

 

1931 අංක දහනවය දරණ විහාර දේවාල ගම් ආඥාපනතට අනුව විහාරය හෝ දේවාලය සතුව ඇති රාජකාරි ඉඩම් වලින් එම පුජනීය ස්ථාන වලට නිල පංගුව ඉටු නොවන්නේ නම් පමණක් එම ඉඩම් වෙනත් අයවළුනට පවරා දිය හැකි නමුදු වැසියන් විසින් දේවාලය සතු අනුනවයක් වු රාජකාරි ඉටුකරමින් සිටිය දී සිය මඩිය තරකරගැනීම උදෙසා පරම්පරා උරුමයන් නසමින් සොරගුණේ් කුඩාකතරගම දේවාලය සතු වනාන්තර ඉඩම් ඛෙරගල ගොල්ෆ් රිසෝට් නැමති හෝටල් ව්‍යාපෘතිය හා ගෝල්ෆ් පිටි ඉදිකිරීම සඳහා පවරා  ඇත.

 

සොරගුණේ කුඩා කතරගම් දේවාලය

මිනිසුන් දහස් ගනනක් ගොවිතැන් බතින් තම ජීවිතය ආරක‍ෂා කරගන්නා වේළිඔය ප්‍රදේශයට ජලය ලබාගැනීමට වෙනත් කිසිදු මාර්ගයක් නොමැති අතර ප්‍රදේශයේ තිඛෙන පුරාණ වැව් විිසි හතද පෝෂණය වන්නේ කාල්කන් ඔය,වේළිඔය වැනි ජළධාරාවන්ගෙන්ය. එම ජල මූලාශ්‍ර පෝෂණය කරන සොරගුණේ වනාන්තරය විනාශකිරීම ගම්මාන තිස් පහක පමණ ජනතාවගේ ජීවිත ආර්ථීක , සමාජීය හා සංස්කෘතික වශයෙන් අස්ථාවර වනවාට නිසැකය. එමෙන්ම මෙම ප්‍රදේශ දිය බිඳක් නොමැති ප්‍රදේශ බවට පත්වීමට ඛෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය හා මෙලෙස ඉදිවෙන මාර්ගය විශාල බලපෑමක් වනුඇත. අනෙක් කාරණය නම් එක්සත් ජාතීන්ගේ පරිසර ආරක්ෂණ ඒජන්සිය Un Environment ProtectionAgency පවසන අන්දමට ජාත්‍යන්තර මට්ටමේ ගොල්ෆ් පිටියක් පවත්වාගෙන යාම උදෙසා දිනකට ජලය ලීටර් බිලියන 9.5 අවශ්‍යය වනු ඇත. එය එසේනමි වේලිඔය ව්‍යාපෘතියට හානි නොකර ගොල්ෆ් ව්‍යාපෘති කිරීමට හැකියාවක් නොමැත. මේ වනවිට, ලෝකයේ බොහෝ රටවල් වලින් ගොල්ෆ් ක්‍රී්‍රිඩාව ප්‍රචලිත කිරීම නතරකර ඇත්තේ එය පරිසර විනාශකාරී ක්‍රී්‍ඩාවක් ය යන කාරණය හේතු කොට ගෙනය. මෙම ක්‍රීඩාව 1996 ඇට්ලන්ටා ඔලිම්පික් ක්‍රී්‍රිඩා ලැයිස්තුවෙන්ද ඉවත්කරන ලද ක්‍රී්‍ඩාවකි. මෙය තවදුරටත් ඔලිම්පික් ක්‍රී්‍රිඩාවක් ලෙස නොගෙන සිටීමට Global Anti Golf Movement නැමති ජාත්‍යන්තර පරිසර සංවිධානය විසින් අදටත් ඔලිම්පික් කමිටුවට බලපෑම් කරමින් සිටියි.

 

භූමිය අවම බොරැල්ල කැළ‚ වැලි දුමිරිය මාර්ගයට නුදුරුව අක්කර 70 වැඩි භුමි ප්‍රමාණයක රාජකීය ගොල්ෆ් පිටිය පිහිටා ඇත. එම පිටියේ නඩත්තුව වෙනුවෙන් අධික ලෙස කෘතිම පොහොර භාවිතා කරනු ලබයි. එය සොරගුණේ ඉදිවීමට නියමිත ගොල්ෆ් පිටියටද අදාල කාරණයකි. ඒනිසා ජලය සමග මිශ්‍ර වී පහළ නිම්නයට ගලායන රසායනික ද්‍රව්‍ය ජලය හා මිනිසුන් ලෙඩ නොකරන්නේද? ඇතැම් විට මෙලෙස පසට හෝ ජලයට එක්වන රසායන වියෝජනය වීමට වසර 20 පමණගතවිය හැකි වග ගොවිපල යුද්ධය නැමති කෘතිය අනාවරණය කර තිබේ. ලෝකයේ කොතැනක හෝ ගොල්ෆ් පිටියක් ආරමිභ වන්නේ නම් එහි වෙළඳ ප්‍රචාරණය සඳහා භාවිතාකරන ප්‍රචලිත ක්‍රමය වන්නේ ඒ සමග දියුණුවන යටිතල පහසුකම් හා අතුරු ව්‍යාපාර ගැන උදම් ඇනීමය. මෙහිදී Golf Tourism and Mass Tourism යනුවෙන් බර වචනද මේ සඳහා භාවිතා කරති.

 

බහුවිධ වේලි, පාරවල්, වරායන්, ගුවන්තොටුපල, හෝටල්, පාලම් හා සාප්පු සංකීර්ණ ගැන මොවුන් උදම් අනයි. දැනට වසර 15 කට 10 කට පමණ පෙර වික්ටෝරියා ගොල්ෆ් පිට්ටනිය සඳහා මහාබේරියතැන්න ගොවිපල නතුකර ගැනීමේදී ව්‍යාපෘති ආයෝජකයන් කියුවේද මෙම මෙවන් කරුණුමය. එහිදීද පාරවල්, ගමටත් එක්ක ජල සැපයුම්, විදුලිය, රැකී රක්ෂා ගැන උදම් ඇනුවේය. සොරගුණේ ගොල්ෆ් පිටිය සම්බන්දව පරිසර තක්සේරු වාර්ථාව සකස් කල ML(Environment Management Limited) ආයතනය වේලිි ඔයේ ගොවිජනතාවට අද දවසේ කියන්නේද මෙයමය. වසර 15 කට 18 කට පසු වික්ටෝරියා ගොල්ෆ් පිටියෙන් රටට ඇති කල ආර්ථික ලාභය කුමක්ද?

 

 

[vsw id=”/wYVhZYjkCZk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.