මෛත‍්‍රී දින්නොත් අපි එයාට නැතිනම් මහින්දට- වාසු

 

vasu

 

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කලහොත් තමන්ද ඔහු හා එක්  වී   විධායක ජනාධිපති ක‍්‍රමය වනස් කිරීමට උර දෙන බව   වාසුදේව නානායක්කාර  ඇමතිවරයා කියා සිටී.

‘ජනාධිපතිවරණයෙන් කවුරු ජයග‍්‍රහණය කළත් මේ රටට ව්‍යසනයක් වුණු  වගේම මැතිවරණ ක‍්‍රමය අනිවාර්යෙන්ම වෙනස් කරනවා කියල මට විශ්වාසයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කළොත් ඔහුට ඒ වෙනුවෙන් අපේ පක්ෂයේ පූර්ණ සහාය ලබාදෙනවා.

කෙසේ වෙතත් මේ  අවස්ථා වේදී  තමන්ගේ සහයෝගය ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂට බව   වාසුදේව නානායක්කාර  සඳහන් කරයි.

මේ රටේ හැම අවුලකටම මුල්වුණු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න මම එදා ඉදලම පෙනී සිටියා. ඉදිරියේදීත් ඒ මතයේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. මේ විධායක ක‍්‍රමය ලේසියෙන් පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් එකම පුද්ගලයා ජනාධිපතිවරයා විතරයි’

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.