මෛත‍්‍රී ධුර කාලයෙන් අවුරුද්දක් කප්පාදු කර ගනී

siri7865

විධායක ජනාධිපති ධූර කාලය වසර 6යේ සිට 5 දක්වා අඩු කිරීමට අවශ්‍ය සංශෝධන සකස් කරමින් පවතින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසනවා.තමන් ගේ ධුර කාලය අවුරුදු හයේ සිට හතර දක්වා අඩු කරන්නැයි වියවස්ථාදායක මණ්ඩලයෙන් ඉල්ලා සිටියත් හැම අවුරුදු හතරකට වරක් මැතිවරණයක් පැවැත්වීම රටට නොගැලපෙන  බව එම මණ්ඩලයේ විද්වතුන් පෙන්වා දුන්හෙයින් පස් අවුරුදු කාලයකට තමන්ගේ ධුරය  සීමා කිරීමට තමන් එකඟවූ බව  ජනාධිපතිවරයා කියාසිටියේය.

මීලඟ ජනාධිපතිවරනයේදී තමන් තරඟ නොකරන බව  සිරිසේන මහතා මීට‍ පෙර පවසා ඇත.

වකුගඩු රෝගීන්ට රුපියල් 3000ක ආහාර දීමනාවක් ලබාදීමේ වැඩපිළිවෙලේ සමාරම්භක උත්සවය පොළොන්නරුව – බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්. ඊට අමතරව ජනාධිපතිවරයා පොළොන්නරුව මහරෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.

 

 

[vsw id=”/-nSNuLoGzYY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.