මොහාන් කලාකරුවන්ට පහර දුන් පිරිසට ඇප දීමට බලපෑම් කළා- මහේස්ත්‍රාත් කියයි

artist-attack

 

අධිකරණයේ නඩු කටයුතු සදහා අයතු ලෙස මැදිහත් වූ බවට හිටපු අගවිනිසුරු මොහන් පිරීස් මහතාට බරපතල චෝදනාවක් එල්ල වී ඇත.

මෙම චෝදනාව සිදුවී ඇත්තේ ඊයේ (30) අලුත් කඬේ අධිකරණ සංකීර්ණයට 43 වන අගවිනිසුරුවරිය වන ශීරාණි බණ්ඩාරණායක මහත්මිය පැමිණි අවස්ථාවේ ඇය ඉදිරියේ දීය.

කුඹුක් ගැටේ දී කලාකරුවන්ට සිදුකළ පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට ඇප දීමට සිදුවූයේ අගවිනිසුරු මොහාන් පිරීස් මහතාගේ බලපෑම් නිසා යැයි ඇප දීම සිදු කළ මහේස්ත‍්‍රත් චාමර වික‍්‍රමනායක මහතා විසින් ප‍්‍රසිද්ධියේ පවසනු ලැබිය.

ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කලේ අධිකරණ අමත්‍යංශයේ ලේකම් සිසිර රත්නායක විසින් අදාල දිනයේදී තමුන්ට දුරකතන ඇමතුමක් ලබා දී අග විනිසුරුවරයාට ඇමතුක් ලබා ගන්න ලෙස මොහාන් පිරීස් මහතාගේ දුරකතන අංකය ලබා දී ඇත.

ඒ අනුව ඔහු මොහාන් පිරීස් මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇත. එවිට මොහාන් පිරීස් මහතා පවසා ඇත්තේ තමන් නිශන්ත මුතුහෙට්ටිගමටද ඇප ලබා දීමට කටයුතු කළ බවත් ඒ අනුව මේ සිද්ධියට ද ඇප ලබා දීමේ හැකියාව තිබෙන බවත්ය. (නිශන්ත මුතුහෙට්ටිගමට ඇප ලබාදීම සිදුකලේ චන්දිම එදිරිමන්න මහේස්ත‍්‍රත්වරය යි)

එසේ හෘද සාක්ෂියට එකග නොවන අයුරින් තමා අදාල පුද්ගලයන්ට ඇප ලබා දුන්නේ තමන් කනිශ්ඨ මහේස්ත‍්‍රත්වරයෙකු වීමත් ජීවිතයට හා රැකියාවට බලපෑමක් ඇතිවේය යන සැකය නිසා බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.