මොහාන් පීරිස්ට එරෙහිව රනිල් පියවර ගනීද?

 

 

 

de-facto_CJ_Mohan

 

අරලියගහ මන්දිරයට පසුගිය ජනවාරි 19 වැනිදා සාකච්ඡාවකට පැමිණි මොහාන් පීරිස් මහතා  ආණ්ඩුවට එරෙහිව කිසිදු තීන්දුවක් ලබා නොදෙන බවට ප්‍රකාශ කෙළේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. මෙම හැමව සිදුවී  ඇත්තේ තවත් කීප දෙනෙක් ඉදිරිපිටයි. අගමැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව හිටපු අග විනිසුරුවරයා කිසිදු

ප්‍රකාශයක් සිදු  කොට නැත. අනෙක් අතට අගමැතිවරයාට පාර්ලිමේන්තු වරප්‍රසාද හිමි හෙයින් ඔහුට නීතියන් ගැලවී ඕනෑම දෙයක් කිව හැකිය.එහෙයින් දැන් මේ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගැනීමේ වගකීම ඇත්තේ අගමැතිවරයා වෙතයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මේ බවත් පැවසීය.

“දැන් මම 2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී ඇති වූ සිද්ධීන් මතු කරන්නම්. ජනවාරි 9 වැනිදා උදේ පාන්දර හරියටම කීවොත් උදේ පාන්දර 4.00 ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය වී ඇති බව දැනගන්නට ලැබුණා. සාකච්ඡාව සඳහා අරලියගහ මන්දිරයට ගිය විට පුද්ගලයින් ගණනාවක් ජනාධිපතිතුමා අසල සිටිනු මා දුටුවා. ඉන් එක් අයෙක් වූයේ මොහාන් පීරිස් මහතායි.

2015 ජනවාරි 12 වන දා රාත්‍රි 8 ට විජේරාම පාරේ ජනාධිපතිතුමන්ගේ නිවසේදී එතුමා හා මා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට මොහාන් පීරිස් මහතාට දින නියම කෙරුණා.

 

 

ranil mohan

සේවාව පහදා දුන්නා

 

එම සාකච්ඡාවේදී මොහාන් පීරිස් පැවසුයේ අධිකරණය විධායකය සමඟ සමගියෙන් කටයුතු කිරීම සහ විධායකයේ සහය අධිකරණයට ලැබීම යහපත් තත්ත්වයක් බවයි. නීති කටයුතු පමා වීම වළකාලන්නට තමා කළ සේවාව ඔහු පහදා දුන්නා. තමා නීති විද්‍යාලය ප්‍රතිසංස්කරණය කිරීම නිසා යම් යම් බලපෑම් වලට ලක්වූ ඇතැම් නීතිඥයන් තමන්ට එරෙහිව විරෝධතා පිටුපස සිටින බව ඔහු තවදුරටත් පැවසුවා.

2015 ජනවාරි 17 වන දා මම නීතිඥ සංගමයේ විධායක කමිටුව හමුවුණා. ඔවුන් එක හඬින් කියා සිටියේ අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් කෙරෙහි කිසිඳු විශ්වාසයක් නැති බව හා එම පත්වීම නීති විරෝධි බවයි.

2015 ජනවාරි 19 වන දා අරලියගහ මන්දිරයේදී මා හමුවන ලෙස මම මොහාන් පීරිස්ට දැන්වූවා. සාකච්ඡාවේදී ඔහු ඉල්ලා සිටියේ අප්‍රේල් වනතුරු සේවය කරන්නට අවස්ථාව ලබා දෙන ලෙසයි. රජයට එරෙහි කිසිදු තීන්දුවක් ලබා නොදෙන බවත් ඔහු පැවසුවා. මම නීතිඥ සංගමයේ විධායක සභා රැස්වීමේ මතය ඔහුට දැනුම් දුන්නා . එවිට ඔහු පැවසුයේ ජිනීවා වැනි රටක තානාපති තනතුරක් ලබා දෙන්නේ නම් ඔහු තනතුර අත්හැර යාමට සූදානම් බවයි.

බ්‍රසීලයේ සහ වියට්නාමයේ තානාපති තනතරු පුරප්පාඩුව පවතින බවත්, ඉතාලි තානාපති ධුරය ළඟදීම පුරප්පාඩු වන බවත් ගරු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මට දැන්වූවා. මම මේ බව මොහාන් පීරිස්ට දන්වා බ්‍රසීලයේ තානාපති ධුරය නිර්දේශ කළා. නමුත් ඔහු සෑහීමකට පත්වූයේ නෑ. රෝමයේ තානාපති ධුරය සති කීපයකින් පුරප්පාඩු වන බව මොහාන් පීරිස්ට දන්වන්නැයි මම ගරු අධිකරණ ඇමතිතුමන්ට පැවසුවා. ඒ බව මොහාන් පීරීස්ට දැන්වූ බවත්, පිළිතුරක් අපේක්ෂාවෙන් සිටින බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මට දැනුම් දුන්නා.

 

Chief Justice Mohan Peiris_0

තානාපති තනතුරක්

 

ජනවාරි 21 වන දා ජනාධිපති ලේකම්වරයා මටත්, ජනාධිපතිතුමන්ටත් දැන්වූයේ තමන් තානාපති තනතුරක් සඳහා ඉල්ලීමක් නොකළ බව මොහාන් පීරිස් ප්‍රකාශ කළ බවයි.

‍ජනවාරි 26 වෙනිදා නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මට දැනුම් දුන්නේ පත්වීම නිත්‍යානුකූල නොවන නිසා මොහාන් පීරිස් වහාම ඉල්ලා අස්විය යුතු බව සහ මේ පත්වීම ජනාධිපතිතුමා යලි සමාලෝචනය කළ යුතු බවයි. ඔවුන් අවධාරණය කළේ නීත්‍යානුකූල ක්‍රමවේදයකින් තොරව ඉවත් කිරීම නිසා තවමත් සැබෑ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය බව නීතිඥ සංගමයේ මතය බවයි. ඒ නිසා මොහාන් පීරිස් මහතා‍ගේ පත්වීම කිසිදු නෛතික වලංගු භාවයකින් තොර බවද ඔවුන් පෙන්වා දුන්නා.

මොහාන් පීරිස්ගේ නම සමාගම් ගණනාවක් සමඟ ඈඳී තියෙනවා. රක්නා ලංකා පුද්ගලික සමාගම. ලංකා ලොජිස්ටික්ස් සමාගම ආදියෙහි අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කළා පමණක් නොව තවමත් ඒවායේ කොටස් හිමිකරුවෙක් ”.

මේ අතර අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට කර තිබෙන තර්ජනයක් පිළිබඳව කුරුඳුවත්ත පොලිසියට සිදු කර ඇති පැමිණිල්ලේ විමර්ශනය කුරුදුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. එහි විමර්ශනය මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ පවතින අතර පැමිණිල්ල ලබන 9දා කැඳවීමට නියමිතය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.