මොහාන් පීරිස් හැසිරීම හොඳ මදි-රනිල්

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු තනතුරින් ඉවත් කිරීමට අදාළව යොදාගත් ක්‍රමවේදය වැරදී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත අගවිනිසුරු ධූරයේ පිහිටුවීමත් මොහාන් පීරිස් මහතා සම්බන්ධයෙන් නව රජය අනුගමනය කළ ක්‍රියාව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් හා පැහැදිලි කිරීමක් අවශ්‍ය බැව් විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා හා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැතිවරයාගෙන් ඊයේ ඉල්ලීමක් කළේය.

එහිදී අගමැතිවරයා කියා සිටියේ මේ ගැන තමන් අද (30) විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවයි.

ඒ අනූව අගමැතිවරයා අද ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

මොහාන් පීරිස් මහතා පසුගිය ජනපතිවරණය දිනයේදී අරලියගහ මන්දිරයේ සිටි බවත්, අගවිනිසුරු වැනි රටේ වැදගත් නිලයක් දරන කෙනෙකු එවැනි ස්ථානයක සිටීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, පැවසූ අගමැතිවරයා රජයට ඕනෑ විදියට නඩු තීන්දු දීමට තමා සූදානම් යැයි හෙතෙම පැවසු බවද ඒ මහතා සභාවේ අවධානයට යොමු කළේය.

එවැනි අගවිනිසුරුවරයකුට ස්වාධීනත්වයෙන් කටයුතු කළ නොහැකි බවද, එසේම මොහාන් පීරිස් මහතා සමාගම් කිහිපයකම තනතුරු දරන්නෙක් බවද අගමැතිවරයා පෙන්වාදුන්නේය.

ranilwwww

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.