මොහාන් යනවද? ශිරනි එනවද ?

අගවිනිසුරු
අගවිනිසුරු

අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ අගමැතිට පොරොන්දුවී යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (21) ජාතික විද්වත් සභාවේදී ප්‍රකාශ කළ බව ලංකාදීපය වාර්තාකරයි.

 අගවිනිසුරුවරයා හිටපු ජනාධිපතිවරයාට  දිගටම බලයේ රැඳීමට කුමන්ත්‍රණකාරී ලෙස බලයේ රැදී සිටීමට උදව් කිරීම පිළිබඳව නැගී ඇති චෝදනා පිළිබඳව කඩිනමින් වාර්තාවක්

ලබා ගැනීමට ජාතික විධායක සභාවේ දී ඊයේ තීරණය විය.

අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් ඉල්ලා අස් වුවත් එම තනතුරට තවමත් තමන්  අගවිනිසුරු බව කියන ශිරාණි බණ්ඩාරනායක පත්වේද යන්න පිළිබඳව සැක සහිතය.

බලහත්කාරයෙන් අගවිනිනිසුරු තනතුරෙන් ඉවත් කරනු ලැබූ ශිරාණි බණ්ඩාරනායක හට සාධාරණයක් ඉටු විය යුතු බවට සැකයක් නැතත් ඇයට දිගටම එම  තනතුරේ

වැඩ කරගෙන යෑමට ඉඩ ලැබේද යන්න සැකසහිතය.

shirani namal

ශිරාණි බණ්ඩාරනායක විටෙක රාජපක්ෂ ආණ්ඩුවට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කල අතර තවත් විටෙක සැමියා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති තනතුර දරන විට ලබැඳියාවන්

අතර ගැටුමක් ඇති බව දැනගෙන ඇය නිහඬව සිටියාය.

කෙටි කලකට ඇයට තනතුර ලබාදී ගෞරවනීය ලෙස තනතුරෙන් ඉවත්වීමට ඉඩ ලබා දීමේ යෝජනාවක් පිළිබඳව නීතී ක්ෂේත්‍රයේ කථා බභ ඇති වී තිබේ.

අල්ලස් කොමිසමට අලුතින් අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කිරීමට  යන බවත් වාර්තාවේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.