මෝදිට ගිණි කෙළි

modiජාත්‍යන්තර වෙසක් දින උළෙලෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී   නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සමඟ පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මැති ඇමැතිවරුන් හා ගංගාරාම විහාරස්ථ දායක සභාව විසින් පිළිගන්නා ලදී. අනතුරුව ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර හිමියෝ රැස්ව සිටි පිරිස පන්සිල්හි පිහිටවූහ. ආගමික වතාවත්වලින් පසු මෝදි මහතා විසින් වෙසක් කලාපය විවෘත කරනු ලැබූ අතර එම අවස්ථාවේ රතිඤ්ඤා සහ ගිනි කෙළි සංදර්ශනයක් ද පැවැත්විණි.

ප්‍රඥාවේ පහන්

වසර දෙදහස් පන්සියකට පසුවත් 21 වන සියවසේ දිත් බුදුන් වහන්සේ ගෙන ආ පණිවුඩය වැදගත් වන බව කී මෝදි මහතා මධ්‍යම දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් බුදු දහමින් බැඳී සිටීම ගැන ආඩම්බර වන බව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවසීය. ඔහුගේ කතාව අවසානයේ දී ‘අඳුර පහ කිරීමට ප්‍රඥාවේ පහන් දැල්වීමට ඉඩ දෙන්නැයි‘ ඉල්ලා සිටියේ ය.

වතුකරයේ නෝර්වුඩ් ප්‍රදේශයට

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සම්මන්ත්‍රණ ශාලාවේ උත්සවයෙන් පසුව මධ්‍යම වතුකරයේ නෝර්වුඩ් ප්‍රදේශයට පැමිණියේ ය. ඒ ඉන්දීය රජයේ ආධාර ඇතිව ඉදි කරන ලද රෝහල විවෘත කිරීමටය. එහිදී කතා කළ මෝදි මහතා ඉන්දියාවේ අනුග්‍රහයෙන් වතු කම්කරුවන්ට නිවාස 10,00 ක් ඉදිකර දෙන බවද පැවසීය.  ඉන්දීය අගමැතිවරයෙකු වතුකරයේ සංචාරයකට එක්වූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමට පෙර මහත්මා ගාන්ධි හා ජවහර්ලාල් නේරු යන ඉන්දීය නායකයන් වතුකරයේ සංචාරය කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.