යහපාලනය කැඳ හැලියක්ද? – විසම්මුතියේ පරමාදර්ශයද?

Wijeyadasa Rajapaksheහම්බන්තොට වරාය චීනයට පැවරීම සදහා වන කැබිනට් පත‍්‍රිකාවට අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලය තුලදීම කරුණු හතක් යටතේ විරෝධය පල කරද්දී ගෝත්‍රිකයෙක් සේ කටයුතු නොකරන්නැයි මුදල් ඇමති මංගල සමරවීර පවසා ඇත.

යෝජිත ගිවිසුම නීතී විරෝදී බවත් වරාය අධිකාරී පනත යටතේ වරායක් විකිණීම හෝ බදු දීමට වරාය අධිකාරියට බලයක් නැතැයි පෙන්වා දී ඇති ඇමතිවරයා මෙම ගණුදෙනුව වාණිජමය ගණුදෙනුවක් නොව ඉන් එහා ගිය දේශපාලන ගනුදෙනුවක් බව යි විජේදාස රාජපක්ෂ කියා සිටින්නේ. සරත් අමුණුගම මේ අදහස ප්‍රතික්ෂේප කළේය.

‘චීන රජය විසින් මෙම වරාය අයිති කර ගැනීමත් සමග ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය අප සමග ගැටුම් ඇති කර ගනීවි. 99 අවුරුදු බද්දක්කට දීම යනු පරම්පරා හතරක් ගතවන තුරු අපට වැඩක් නෑ. අපි මේකට පිහිණුම් තටාකයක් කිවුවත් දැන් මේක චීනයට ගත්තායින් පසු කොළඹට එන නැවුවලින් 90%ක් නතර වෙනවා. එදාට කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා. හම්බන්තොට චීන කොලනියක් වෙන එක වලක්වන්න බෑ’ ආදී වශයෙන් දීර්ග ලෙස ඇමතිවරයා සිය විරෝධය පල කරද්දී චම්පික රණවක ඇමතිවරයා ඊට අනුකූලතාවක් දක්වා ඇත.

අර්ජුන රණතුංග ඇමතිවරයා පිටතට පවසා ඇත්තේ කථා කොට වැඩක් නැති බවයි. ජනාධිපතිවරයා තම අනුමැතිය ප්‍රකාශ කොට ඇත්තේ පාර්ලිමේන්තු විවාදයේදී අවශ්‍ය සංශෝධන සිදුවියුතු බව කියමින්. සමස්තයක් ලෙස පෙනේ යන්නේ මේ යහපාලන ආණ්ඩුව විසම්මුතිය අපුරුවට රකින බවයි එහෙත් මෙහි වටිනාකම නොදත් අය මෙය කැඳ හැලියක් බව පවසති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.