යහපාලනය පෞද්ගලික අංශය රවටලා

 

wasantha-samarasinghe1පෞද්ගලික අංශයේ සේවකයන් යහපාලන ආණ්ඩුව රැවටීමට ලක් කර ඇති බව අන්තර සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය අතුරු අයවැය මගින් පෞද්ගලික අංශයේ සේවකයින් වෙත ලබා දීමට යෝජනා කළ රුපියල් 2500ක වැටුප් වැඩි වීම මේ වනවිට රුපියල් 1500ක් දක්වා අඩු කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට වාර්තා වී ඇති බව ප්‍රකාශ කරමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා…

”ජීවන වියදම් ඉහළ යාමත්, රාජ්‍ය සේවක වැටුප් පමණක් අයවැය මගින් ඉහළ දැමීමටත් පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 2500කින් වැටුප් වැඩි කිරීමට යෝජනා කිරීමටත් එරෙහිව පෞද්ගලික අංශයේ සේවකයින් දැවැන්ත විරෝධතාවයක් මේ ආණ්ඩුවට එරෙහිව දියත් කරනු ලබුවා. එහිදී ආණ්ඩුව ප්‍රකාශ කරනු ලැබුවේ පුද්ගලික අංශයටද රුපියල් 2500කින් වැටුප් වැඩි කිරීමක් ඉදිරියේදී සිදු කරන බවය. ඒත් මේ වනවිට ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයින් රැවටීමට ලක් කරමින් එම මුදල රුපියල් 1500ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙය හැටඅට ලක්ෂයක් ඉක්මවන පෞද්ගලික අංශයේ සේවකයින්ට සිදු කරන ද්‍රෝහී ක්‍රියාවක්. පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවන්න පෞද්ගලික අංශයේ සේවකයින් සියලු දෙනාම තම ඡන්දය භාවිතා කළා. ඒ සියලු දෙනාම රැවටීමක් මේ සිදුකරන්න සූදානම් වෙන්නේ.

රුපියල් 2500ක් ලබා දෙන බවට වූ පොරොන්දුව 1500ක් දක්වා අඩු කිරීම පිටුපස යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සිටිනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ඔවුන් සතු මහාපරිමාණ ව්‍යාපාර පැවතීමයි. ජනවාරි මාසයේ රුපියල් දහසක් ලබා දෙන බව දැන්ම ප්‍රකාශකිරීම අවශ්‍ය වෙන්නෑ. ඒකට ලබන අවුරුද්දට අයවැයක් ඉදිරිපත් කරනවා. පෞද්ගලික අංශයේ සේවකයින්ට දුන් පොරොන්දුව ඉටු කරන්න කියලා යහපාලන ආණ්ඩුවෙනුත්, ජනාධිපතිවරයාගෙනුත් අපි  ඉල්ලා සිටිනවා. එහෙම නැති වුනොත් ආණ්ඩුවට අහිතරකර තීරණවලට එළඹීමට පෞද්ගලික අංශයේ සේවකයින්ට ඉදිරියේදී සිදුවිය හැකි යැයි අපි අනතුරු අඟවනවා.” යනුවෙන් පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.