යහපාලන ආණ්ඩුවේ අනාගතය කමිටුවකට

sajith-premadasaජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාව අවසානයේ මාධ්‍යට කතා කළ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ හෙට දවසේ ආණ්ඩුවේ ඉදිරියේ පිළිබඳ සලකා බැලීමට කමිටුවක් පත් කරන බවයි.

මෙම කමිටුවේ තීරණ අනුව වර්තමානයේ පවතින අර්බුදකාරි තත්වය විසඳා ගන්නා බවයි සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ.

ජනාධිපති වරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වය අතර පැවති සාකච්ඡා අතරතුර උණුසුම් වාද විවාද ඇති වූ බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මතය වී තිබෙන්නේ තමන් තනි ආණ්ඩුවක් පිහිටුවා ගන්නා බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයක් කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරන ආණ්ඩුව තමන් සහයෝගය දක්වන්නේ නැති බවයි.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ දෙපාර්ශ්වයම මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා කල් ගත කිරීමට උත්සාහ දරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.